සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති වෛද්‍ය සැපයුම් අංශයේ සිදුවන වංචා සම්බන්ධයෙන් අල්ලස් දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් අල්ලස් දුෂණ විමර්ශන කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් කොමිසම තීරණය කර ඇත.
අල්ලස් කොමිසම පැමිණිලිකරුට මේ බව දැනුම් දී ඇත්තේ කොමිෂන් සභාව වෙත පැමිණ ඉදිරිපත් කළ 2026.02.05 දිනැති පැමිණිල්ල හා සම්බන්ධයෙන් ලිපියක් පැමිණිලිකරු වෙත යොමු කරමිනි. එකී පැමිණිල්ල ඉදිරිපත් කිරීම නිසා පැමිණිලිකරු යම් අපහසුතාවයකට හෝ හිංසනයකට ලක්වන්නේ නම් මෙම කොමිෂන් සභාවේ 0112584872 දුරකථන අංකයට 1954 ක්ෂණික දුරකතන ඇමතුම් අංකයට දැනුම් දෙන මෙන් කොමිසම පැමිණිලිකරුට වැඩිදුරටත් දන්වා ඇත.
මෙම ලිපිය යොමු කරමින් මේ බව දැනුම් දී ඇත්තේ කොමිෂන් සභාවේ නියෝගය පරිදි එහි සහකාර අධ්යක්ෂ (පැමිණිලි කළමනාකරණ) කේ.ඒ. තමරා රූපිකා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
