ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරය පිහිටි ගොඩනැගිල්ල තුළ හේවුඩ් කලා කෞතුකාගාරය නමින් අභිනවයෙන් පිහිටුවා ඇති කෞතුකාගාරය සහ එය නිමිති කර ගනිමින් නොබෝදා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රසිද්ධ කරන ලද Heywood Art Museum යන ග්‍රන්ථය මුළුමනින්ම ප්‍රෝඩාවක් මෙන් ම විශ්වවිද්‍යාල ශාස්ත්‍රීය සම්ප්රදාය සහ රාජ්‍ය දේපළ අවභාවිතාවක් බවට සාක්ෂි සහිතව මාධ්‍ය වෙත හෙළිදරව් කිරීම මූලික කරගනිමින් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවක් ජූලි 18වන දා සවස 01.00 බෙරැල්ල කොටා පාරේ පිහිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන දෘෂ්‍ය කලාකරුවකු මෙන් ම සමාජ ක්‍රියාකාරිකයකු වන සුජිත් රත්නායක සඳහන් කරන්නේ පාසල් සිසුන් ගේ සිට පොදු ජනතා පරිශීලනය පිණිස පොදුජන කලා කෞතුකාගාරයක් ලෙස විවෘත වූ හේවුඩ් කලා කෞතුකාගාරය කිසිදා ඉවත ලන්නේ නැති කෞතුක වස්තු ලෙස කලා කෞතුකාගාරයක් තුළ කලා කෘති ස්ථාපිත කිරීමේ දී එහි වර්තමාන සංවිධායකත්වය වන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨය විසින් කඩිමුඩියේ අතිශය අගතිගාමීව දුෂිත ව ක්‍රියාවට නංවා ඇති බවයි.
එමෙන් ම, මෙම හේවුඩ් කලා කෞතුකාගාරය අරබයා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිටු 374ක ගන කවරය සහිත 'Heywood Art Museum' යන මැයෙන් පරිසමාප්ත නිෂ්ටාවක් ලෙස නිකුත් කළ ග්‍රන්ථයේ ලංකාවේ දෘශ්‍ය කලාවේ ඉතිහාසය සහ පසුබිම අලළා දක්වා ඇති අදහස් ද මුළුමනින් ම සාවද්‍ය බව ද සුජිත් රත්නායක පවසයි.
මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ මෙම තත්ත්වය සමාජගත කිරීම අරබයා බවත්, ඒ සඳහා ඔබ සැම ගේ පැමිණීම ගෞරවයෙන් බලාපොරොත්තු වන බවත් සුජිත් රත්නායක සඳහන් කරයි.
මතු පළ වන්නේ සුජිත් රත්නායක විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
