Image

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ව කරුණා අම්මාන් ගෙන් ප්‍රකාශයක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ව කරුණා අම්මාන් ගෙන් ප්‍රකාශයක්

හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ගෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

නැඟෙනහිර පළාතේ පිල්ලෙයාන් පාර්ශ්වය සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අතර පැවති සමීප සබඳතාව මෙන්ම ඔවුන් ඒකාබද්ධව සිදුකළ ක්‍රියාකාරකම් පිළිබඳව කරුණු රැසක් මෙම ප්‍රකාශය තුළින් අනාවරණය වී තිබේ.

පිල්ලෙයාන් ගේ කණ්ඩායමට අවශ්‍ය නවාතැන් පහසුකම් සැපයීම සඳහා සුරේෂ් සලේ, පුද්ගලයින් සම්බන්ධ කර දී ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පවා ඔවුන් ම සපයා ඇති බවත් කරුණා අම්මාන් සාක්ෂි සහිතව පෙන්වා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් යන දෙදෙනා ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය දැක්වූ දේශපාලන ප්‍රවාහයක සිටිය ද, ඔවුන් දෙදෙනා අතර දීර්ඝකාලීන දේශපාලන විරසකයක් පැවති බව දේශපාලන කරළියේ ප්‍රකට කරුණකි. මේ අතර, පිල්ලෙයාන් පාර්ශ්වය විසින් පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන වධකාගාරයක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ සම්බන්ධයෙන් තවත් පිරිසක ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, කොළඹ නගරය තුළ ඔවුන් ගේ ක්‍රියාකාරකම්වලට සහය දැක්වූ පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු වී තිබේ.

මූලාශ්‍ර - News Alerts LK

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න