2023 නොවැම්බර් මාසයේ දී 2.8% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 දෙසැම්බර් මාසය සඳහා 4.2 % ක් දක්වා වැඩි වී ඇත.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර ඇති අතර එම වාර්තාවේ මේ බව දැක්වෙයි.
තවද ඊට අනුව 2023 නොවැම්බර් මාසයේ දී -2.2 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී 1.6 % ක් දක්වා වැඩි වී ඇත.
එමෙන්ම, නොවැම්බර් මාසයේ දී 7.1 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය දෙසැම්බර් මාසයේ දී 6.3 % ක් දක්වා අඩු වී ඇත.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 දෙසැම්බර් මාසය සඳහා නිකුත්කළ වාර්තාව පහත දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
