කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසා දමයි

කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසා දමයි

එළඹෙන සඳුදා (18) දින සිට බලපැවැත්වෙන පරිදි වෙළෙඳ දින 05 ක කාලපරිච්ඡේදයක් සඳහා කොළඹ කොටස් ‌වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට තීරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අධ්‍යක්ෂ මණ්ඩලය 2022 අප්‍රේල් 15 වැනි දින රටේ වත්මන් තත්ත්වය සඳහන් කරමින් කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසා දමන ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් (SEC) ඉල්ලීමක් කර තිබුණි. කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය ඇතුළු කොටස් වෙළෙඳපොළට සම්බන්ධ පාර්ශව ගණනාවක් ද එම ඉල්ලීම කර තිබුණු බව ද  වාර්තා වේ.

=විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අදහස වන්නේ ආයෝජකයින්ට මෙන්ම අනෙකුත් වෙළඳපොළ සහභාගිවන්නන්ටද දැනුවත් ආයෝජන තීරණ ගැනීම සඳහා දැනට පවතින ආර්ථික තත්ත්වයන් පිළිබඳව වඩාත් පැහැදිලි බවක් සහ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන්නේ නම් එය ඔවුන්ගේ යහපතට හේතු වන බවයි.

එබැවින්, 2021 අංක 19 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 30 වැනි වගන්තියේ අඩංගු විධිවිධාන අනුව ක්‍රියා කරමින්, 2022 අප්‍රේල් 18 වැනි දින සිට ආරම්භ වන ව්‍යාපාරික දින පහක කාලයක් සඳහා කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසා දමන ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නියෝග කිරීමට විනිමය කොමිෂන් සභාව තීරණය කර ඇත. 2022.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න