Language Switcher

V2025

රාජේෂ් මනි Mastercardහි ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධාන විධායක නිළධාරී ලෙස පත් වෙයි

රාජේෂ් මනී මෙම පත්වීම ලැබීමට පෙර සිංගප්පූරුවේ කටයුතු කළ අතර එහිදී 2018 වසරේ ගෝලීය ප්‍රධාන විධායක සම්මානය දිනාගත් ඉන්දුනීසියාවේ ගෘහස්ථ ගෙවීම් පද්ධති යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඔහු විසින් Mastercard වෙත නායකත්වය සපයන ලදී. ඊට අමතරව Grab,Gojek සහ Shopee ඇතුල් අග්නිදිග ආසියාවේ ප්‍රධාන ඩිජිටල් සේවාදායකයින් සමඟ Mastercard හි ඉහළ බලපෑමක් සහිත ඩිජිටල් හවුල්කාරීත්වයන් ගණනාවකට ඔහු විසින් ක්‍රියාකාරීව නායකත්වය සැපයීමට කටයුතු කිරීම විශේෂත්වයකි. 

නව පත්වීමත් සමඟ රාජේෂ් Mastercard හි දකුණු ආසියාවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී විකාස් වර්මා වෙත වාර්තා කිරීමට නියමිතය. ඔහුගේ නව පත්වීම පිළිබඳව අදහස් දැක්වූ විකාස් වර්මා මහතා “රාජේෂ්ගේ බහු පාර්ශවීය ගෙවීම් පසුබිම අපගේ ගනුදෙනුකරුවන්ට, හවුල්කරුවන්ට සහ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කණ්ඩායමට විශාල වටිනාකමක් ලබා දෙනු ඇති බවට මට විශ්වාසයි. මෙම වෙළෙඳපොලවල් අඛණ්ඩව සංවර්ධනය වෙමින් හා වේගයෙන් විකාශනය වෙමින් පවතින නිසා මෙම කලාපයන්හි ඩිජිටල් පරිසරයක් ගොඩනගා ගැනීම සඳහා අපගේ හවුල්කරුවන්ට සහාය වීමට රාජේෂ්ට හොඳ අවස්ථාවක් නිර්මාණය වී තිබෙන බව පැවසිය හැකියි.” යනුවෙන් පැවසීය. 

මේ පිළිබඳව අදහස් දැක්වූ Mastercard හි ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධාන විධායක නිළධාරී රාජේෂ් මනී මහතා සඳහන් කර සිටියේ “දෙරටටම අභියෝගාත්මක සමයක් වන මේ අවස්ථාවේදී රජයට සහ මහජනතාවට සහාය දැක්වීමේදී Mastercard වෙත සැළකිය යුතු කාර්ය භාරයක් පැවරී ඇති අතර මම එම වගකීම් භාර ගැනීමට කැමතියි. ශ්‍රී ලංකාව සහ මාලදිවයින Mastercard සඳහා සුවිශේෂී ස්ථානයක තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ  අපගේ ප්‍රබල දත්ත විශ්ලේෂණ උපදේශන සේවා පුළුල් කිරීමට අමතරව, ප්‍රධාන හවුල්කරුවන් සමඟ ක්‍රියාකාරී ඩිජිටල් සම්බන්ධතාවල ශක්තිමත් පදනමක් අප විසින් ගොඩනගා තිබෙනවා.ගෙවීම් තාක්ෂණ නවෝත්පාදකයෙකු ලෙස අපගේ මූලික ශක්තීන් සමඟ සමස්ත පරිසර පද්ධතියට ගැඹුරු හා පුළුල් වටිනාකමක් ගෙන ඒමට අප හොඳින් ස්ථානගත වී සිටින බව මම විශ්වාස කරනවා. විශේෂයෙන් මේ කාලයේදී COVID19 හි බලපෑම හේතුවෙන් දෙරටම සමාජ ආර්ථික තත්වයන් සමඟ සටන් කරමින් සිටිනවා. මේ අවස්ථාව මා වෙත ලැබීම පිළිබඳව ඉතාම සතුටුයි. එසේම ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ඩිජිටල් පරිවර්තනය සඳහා වන දැක්ම, පුරවැසියන් සඳහා මූල්‍යමය අන්තර්ගයන් සහ මුදල් රහිතව ගනුදෙනු කිරීම සඳහා ඔවුන් දිරිමත් කිරීම සඳහා රජය, අපගේ සියලු ගනුදෙනුකරුවන්, හවුල්කරුවන් සහ පාර්ශවකරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි. 

Mastercard සමඟ වසර 6කට වැඩි කාලයක් වෙළෙඳපොලෙහි මෙන්ම කලාපීය භූමිකාවන්හිද කටයුතු කර ඇති රාජේෂ් සිංගප්පූරුවේ සේවය කිරීමට පෙර දකුණු ඉන්දියාවේ සහ බටහිර ඉන්දියාවේ විවිධ කලාපයන් සඳහා Mastercardහි ගිණුම් සම්බන්ධතා මෙහෙයවූ අතර Mastercardහි බැංගලෝර් කාර්යාලය පිහිටුවීමටද දායක විය. Mastercard හා සම්බන්ධ වීමට පෙර එයාර්ටෙල්, ඇමරිකන් එක්ස්ප්‍රස් සහ ITC හි නායකත්ව තනතුරු හෙබවූ රාජේෂ් සාර්ථක ව්‍යවසායකයකුද වේ.  Mastercard පිළිබඳව (NYSE: MA),  www.mastercard.com Mastercard යනු ගෙවීම් ක්ෂේත්‍රයේ ගෝලීය තාක්ෂණ සමාගමකි. අපගේ මෙහෙවර වන්නේ සුරක්ෂිත ගනුදෙනු සිදු කිරීම සඳහා සරල, බුද්ධිමත් හා සෑම කෙනෙකුටම ප්‍රවේශ විය හැකි පරිදි සෑම තැනකම සෑම පුද්ගලයකුටම ප්‍රයෝජනවත් වන ඩිජිටල් ආර්ථිකයක් හා සම්බන්ධ කර බලගැන්වීමයි. ආරක්ෂිත දත්ත හා ජාල, සම්බන්ධතා සහ ලාලසාවන් භාවිත කරමින් අපගේ නව්‍යකරණ හා තනි පුද්ගල  විසඳුම්, මූල්‍ය විසඳුම් හරහා රාජ්‍යයන්ට හා ව්‍යාපාරයන්ට ඔවුන්ගේ ඉහළ හැකියාවන් අවබෝධ කර ගැනීමට උපකාරී වේ. අපගේ විනය ගරුක බව,තත්වය හා සංස්කෘතිය අපගේ සමාගම තුළ සහ ඉන් පිටත අප කරන සෑම දෙයක්ම මෙහෙයවනු ලබයි. ලොව පුරා රටවල් සහ භූමි ප්‍රදේශ 210 කට වැඩි ප්‍රමාණයක් සමඟ සම්බන්ධ වෙමින් අපි සැමට මිල කළ නොහැකි හැකියාවන් විවර කරන තිරසාර ලෝකයක් ගොඩ නගමින් සිටිමු.