ව්‍යසනයේ දී පවා ජනතාව අත්නොහැරි : SLT විශිෂ්ටත්වය !

ව්‍යසනයේ දී පවා  ජනතාව අත්නොහැරි : SLT විශිෂ්ටත්වය !

කොවිඩ් 19 ගෝලීය වසංගතයට ලංකාවත් මුහුණදී අති දුෂ්කර තත්ත්වයක සිටින මොහොතක පවා සියලුම ප්‍රධාන පෙළේ රෝහල් , ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ, නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු වසංගතයට සෘජුව මුහුණ දෙන පාර්ශවයන්ගේ විදුලි සංදේශන සියඵ උපරිමයෙන් සපයමින් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT ) සිදු කරන සේවය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් ව ඇත.

අවධානම් මධ්‍යයේ තිබෙන සේවා සැපයීම් ගැටලුවකින් තොරව  අඛණ්ඩව ලබාදෙමින් පමණක් නොව සුවසැරිය ගිලන් රථ සේවය ඇතුළු තවත් රාජ්‍ය ආයතන ගණනක ඉල්ලීම මත නව  සේවාවන් සැපයීමට SLT කටයුතු කළ ආකාරයත් ප්‍රශංසනීයය.

එපමණක් නො ව නිවසේ සිට සේවය කරන පිරිසට අවශ්‍ය සේවාවන් සපයමින් , ඇඳිරි නීතිය නිසා නිවසේ සිර වී සිටින පිරිසට අන්තර් ජාල පහසුකම් සඳහා විවිධාකාර සේවාවන් මුදල් අය කිරීමකින් තොරව සහ විවිධ වට්ටම් ලබා දෙමින් SLT සිදු කරන සේවය අගය කළ යුතු ය. මෙකී සේවාවන් සැපයීම සඳහා රුපියල් මිලියන 475 කට අධික මුදලක් වැය කර ඇති බවත් වාර්තා වෙයි. 

මේ ආකාරයට වසංගත තත්වයකදී ප්‍රශංසා ලැබීමට තරම් ආයතනය සහ සේවක කොටස් විශිෂ්ටත්වයට ගෙන ගියේ SLT හී නව සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේය යන්නත් සඳහන් කළ යුතුමය.

එසේම මෙතෙක් කල්  පරිබාහිරව ආයතනයට  සේවය කළ සේවකයන් 1802 ක පිරිසක් හා සම්බන්ධව වසර කිහිපයක සිට විසඳාගැනීමට නොහැකි ව තිබූ ප්‍රශ්නයක් විසඳීමටත් නව පාලන අධිකාරිය සමත් වී ඇත.

වඩාත්  සුවිශේෂී කරුණ වන්නේ  මෙය වෘත්තීය සමිති සමඟද එක්වී නිසි ක්‍රමවේදයකට අනුව විසඳා ගැනීමට හැකි ව තිබීම ය. මෙම විසඳුමෙන් ආයතනයට මෙන්ම සේවකයන්ට ද මහත් ප්‍රතිලාභ ලැබෙන බවත් නිසැකය.

පසුගිය වසරේ SLT සමූහය රුපියල් බිලියන 86ක ආදායමක් ලබා ඇත. SLT සමූහයේ ඉදිරි  ව්‍යාප්තිය සඳහා ශක්තිමත් අඩිතාලමක් ඉදි කරමින් SLT සහ  මොබිටෙල් එකම සන්නාම තලයකට ගෙන එකිනෙකා ශක්තිමත් කර ගනිමින්  ප්‍රබල වෙළඳ  වෙළඳ නාමයක් ගොඩ නගමින් සිටියි. 

මේ හරහා කොටස් වෙළඳ පොළට අනුබද්ධ ව්‍යාපාරයක් ලෙස ආයෝජකයන් විශේෂයෙන්  මුදල් අමාත්‍යාංශය හරහා ආයෝජනය කර ඇති ආයෝජකයන් හට විශාල රුකුලක් වනු ඇත.

මේ හරහා කොටස් වෙළඳ පොළට අනුබද්ධ ව්‍යාපාරයක් ලෙස ආයෝජකයන් විශේෂයෙන්  මුදල් අමාත්‍යාංශය හරහා ආයෝජනය කර ඇති ආයෝජකයන් හට විශාල රුකුලක් වනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න