Language Switcher

V2025

ගිනි අවි අලෙවිය පාලනය කළ යුතුයි මෙක්සිකානු ජනාධිපතිගෙන් ඉල්ලීමක්

ගිනි අවි සම්බන්ධ නීති දැඩි කරම්න් ඒවා පාලනයට කටයුතු කරන ලෙස මෙක්සිකානු ජනාධිපති මැනුවෙල් ලේපේස් අමෙරිකානු රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදු කර ඇත්තේ පසුගියදා ටෙක්සාස්හි සාප්පු සංකීර්ණයකදී සිදු වූ වෙඩි තැබීමකින් මෙක්සිකානු ජාතිකයින් 08 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත් විමේ සිද්ධිය මුල්කර ගනිමිනි.

මෙහිදී අවිචාරවත් අයුරින් ගිනි අවි සදහා ලබා දී ඇත් නිදහස නීති රීති තුළින් පාලනය කළ යුතු බව ජනාධිපතිවරයා ඇමරිකානු රජයයේන ඉල්ලා ඇති අතර එය ඔහු විසින් ඇමරිකාවට චෝදනාවක් ලෙස ඉදිරිපත් කර ඇත.

ඕනෑම රටක රජයන් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් තමන් ගරු කරන නමුත් ගිනි අවි භාවිතය හේතුවෙන් රට තුළ සිදු වන සිදුවිම් සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි අවධානයක් යොමු කළ යුතු බවට තමන් විශ්වාස කරන බවද මෙක්සිකානු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.