ට්‍රම්ප්ට ඇති පිස්සුවක් නැහැ - ධවල මන්දිරයේ දොස්තර කියයි

ට්‍රම්ප්ට ඇති පිස්සුවක් නැහැ - ධවල මන්දිරයේ දොස්තර කියයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතා යහපත් මානසික මට්ටමින් සහ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ධවල මන්දිර වෛද්‍යවරයා පවසා තිබේ. පසුගිය සතියේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව පැවැත්වූ පළමු වෛද්‍ය පරීක්ෂණයට ට්‍රම්ප් මුහුණ දෙන ලදී. එහිදී ඔහු පැය තුනක පරීක්ෂණයකට මුහුණ දුන් බව සඳහන් විය.

වෛද්‍ය පරීක්ෂණයේ එක් කොටසක් ලෙස the Montreal Cognitive Assessment ( MoCA) ලෙස හැඳින්වෙන මානසික තත්ත්වය පරික්ෂා කෙරෙන පරීක්ෂණයකටද ඔහු මුහුණ දුන් බව සඳහන් වේ. මෙම පරීක්ෂණයේදී අවධානය, මතකය, භාෂාමය හැකියාව, චින්තනමය හැකියාව, ගණනය කිරීමේ හැකියාව, කැපවීම පරික්ෂා කෙරුණි. කෙසේවෙතත් මෙම මානසික තත්ත්වය පරික්ෂා කෙරෙන පරීක්ෂණයෙන් ඔහු ලකුණු 30 න් 30 ම ලබාගෙන ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.

වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමට මූලික හේතුවක් ලෙස සැලකෙන්නේ පසුගියදා ජනාධිපතිවරයාගේ මානසික සෞඛ්‍ය සම්බන්ධව මතබේදාත්මක පොතක් නිකුත්විමයි. මයිකල් වුල්ෆ්ගේ Fire and Fury පොතට අනුව ධවල මන්දිරයේ සිටින සියලුදෙනා ට්‍රම්ප්ව දකින්නේ ඉක්මන් විසඳුම් අවශ්‍ය ළදරු මානසිකත්වයෙන් යුතු පුද්ගලයෙකු ලෙසයි . මෙම පොත රචනා කිරීම සඳහා මයිකල් කරුණු රැස්කොට ඇත්තේ ට්‍රම්ප් සිදුකළ සාකච්ජාවල ඇතුලත් තොරතුරු සහ ඇමරිකානු ජනාධිපතිවරයාට සමීපතම පුද්ගලයෙකු වන හිටපු උපාය මාර්ගික ප්‍රධානියෙකුද වන ස්ටීව් බැනන්ගෙන් ලබාගත් තොරතුරු ඇසුරිණි.

එහෙත් ධවල මන්දිර වෛද්‍ය ජැක්සන් පවසන්නේ ඔහු දැනට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව මේ පරීක්ෂණයෙන් තහවුරු වූ බව සහ ඔහු ජනාධිපති ධූරය දරන කාලය අතර තුර එම තත්ත්වය පවතිනු ඇති බවයි.එසේම වෛද්‍ය ජැක්සන් පවසන ආකාරයට 71 වැනි වියේ පසුවන ට්‍රම්ප් දුම්කොළ සහ මධ්‍යසාර භාවිතයෙන් තොරවීම නිසා ජීවිත කාලය පුරා හෘද රෝගවලින් තොර ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනු ඇති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න