CNN මාධ්‍යවේදියා ධවල මන්දිරයෙන් එළියට දමයි

CNN මාධ්‍යවේදියා ධවල මන්දිරයෙන් එළියට දමයි

ධවල මන්දිරයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර CNN පුවත් සේවයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදියකු වන ජිම් අකොස්ටා එම ස්ථානයෙන් ඉවත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට හේතු ලෙස සඳහන් වන්නේ ජිම් අකොස්ටා විසින් ජනාධිපතිවරයා වර්ගවාදී ආකාරයකින් කටයුතු කරන බව හැඟවෙන ප්‍රශ්න අසමින් ඔහුගේ කෝපය ඇවිස්සීමට කටයුතු කිරීමය. 

එහිදී අකොස්ටා විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත  නෝර්වේ රටින් ජනතාව ඇමරිකාවට ආවාට කමක් නැද්ද? සුදු මින්ස්සු සුදු රටවලින් ආවාට කමක් නැද්ද සර් යනුවෙන් ප්‍රශ්න යොමුකර ඇති බවත් ධවල මන්දිර ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ඉදිරිපස  සිටිමින් ජනාධිපති ට්‍රම්ප් හා ඔහුගේ සහායකයන්ගේ කතාවලට බාධාවන අයුරින් ප්‍රශ්න ඇසීමට  ජිම් අකොස්ටා ප්‍රකට බවත් එම මාධ්‍ය වාර්තා වල සඳහන්ව ඇත.

එසේම පසුගියදා දකුණු අප්‍රිකානු රටවලට නිගා දෙන පරිද්දෙන් ට්‍රප්ම් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ වචනය නිරන්තරයෙන් CNN පුවත් සේවයේ විකාශය කිරීමට කටයුතු කිරීම ගැනද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබෙන්නට ඇති බවත් ඒ හැසිරීමට විරෝධය පළකිරීම සඳහා ජනාධිපතිවරයා මෙසේ කටයුතු කරන්නට ඇති බවද එහි සඳහන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න