පකිස්ථානයේ ඉන්දීය දේශසීමාව ආශ්‍රිතව පිහිටි ත්‍රස්ත කඳවුරකට අද (26) අලුයම ප්‍රහාර ඒල්ලකර විනාශ කළ බව ඉන්දියාව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ඉන්දීය හමුදා ආරංචිමාර්ග උපුටා දක්වමින් එහි සඳහන්ව ඇත්තේ අද අලුයම 3.30 ට පමණ මිරාජ් 2000 ප්‍රහාරක ජෙට් යානා 12 ක් යොදාගනිමින් මෙම ප්‍රහාරය ඒල්ල කළ කර ඇති බවත් කිලෝග්‍රෑම් දහසක් බර බෝම්බ හෙළීමෙන් පකිස්ථාන දේශසීමාවේ පිහිටි ත්‍රස්ත කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ කළ බවත්ය.
එසේම අදාළ ත්‍රස්ත කඳවුර ජයීෂ් ඒ මොහොමඩ් නමැති ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීන් පුහුණුකිරීමේ කඳවුරක් බවද එහි සඳහන්ය.
මේ අතර ඉන්දීය ගුවන් හමුදාව සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවට පකිස්ථාන හමුදාව චෝදනා කරන අතර පකිස්ථාන හමුදාවේ මේජර් ජෙනරාල් අසීෆ් ඝාෆූර් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියාසිටියේ ඉන්දීය ගුවන් හමුදාව සිය දේශසීමාව උල්ලංඝනය කිරීම හමුවේ තම ගුවන් හමුදාව ද කඩිනමින් සිය ප්‍රහාරක ජෙට් යානා පිටත්කර යැවූ බවත්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
