මැලේසියාවේ නව රජු ලෙස අබ්දුල්ලා සුල්තාන් අහමද් ෂා ක්වාලාලාම්පූර් හි ජාතික මන්දිරයේ දී අද (31) සිය ධූරයේ වැඩ ආරම්භ කල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
59 හැවිරිදි වියේ පසුවන අබ්දුල්ලා සුල්තාන් අහමද් ෂා ඔටුනු පැළදිනු ලැබුවේ එරට මැලේසියාවේ 16 වැනි රජු ලෙසය.
සාම්ප්‍රදායික නිල් පැහැති ඇඳුමකින් ඔහු සැරසී සිටි අතර ඔහුගේ බිසව ලෙස අසීසා අමීනා මයිමුනා ද එම අවස්ථාවට එක්ව සිටියාය.
මොහු මෙම ධූරයේ දිවුරුම් දෙනු ලැබුවේ 5 වැනි සුල්තාන් මොහොමඩ් රජු ඉල්ලා අස්වීමට ගත් අනපේක්ෂිත තීරණයෙන් පසුවය.
මැලේසියාවේ රජ කිරුළ ප්‍රාන්ත 9 ට වසර පහක් දක්වා බෙදී යනු ඇති.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
