බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ විසින් ඉදිරිපත් කළ බ්‍රික්සිට් ගිවිසුම ඡන්ද 230 කින් ප්‍රතික්ෂේප වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට අනුව යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ අරමුණින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ විසින් පාර්ලිමේන්තුවට මෙම යෝජනාව ඉදිරිපත් කර අතර දින පහක් පුරා පැවැති විවාදයකින් පසුව ඡන්ද විමසීම පවත්වා තිබේ.
බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසය තුළ ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් වැඩි ඡන්ද ගණනකින් පරාජය වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
බ්‍රික්සිට් ගිවිසුමට විරුද්ධව ඡන්ද 432 ලැබී ඇති අතර පක්ෂව ඡන්ද 202 ක් ලැබී ඇත.
මේ අතර බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ජෙරම් කෝබන් විසින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
