අභාවප්‍රාප්ත තමල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධිගේ ස්මාරකය ඉදිකෙරෙන ස්ථානය සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට හේතුවී ඇත්තේ DMK පක්ෂය පිහිට වූ හිටපු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය, සී. එන්. අන්නාදුරෙයිගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති සුප්‍රසිද්ධ මරීනා වෙරළ තීරයේ ඉදිකර ඇති ස්මාරකය අසල කරුණානිධිගේ ස්මාරකය ද ඉදිකිරීමට අවසර දෙන ලෙස කරුණානිධිගේ පවුලේ සාමාජිකයින් කළ ඉල්ලීම තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රතික්ෂේප කිරීමය.
තමිල්නාඩු ප්‍රාන්ත රජය පවසා ඇත්තේ, මරීනා වෙරළ තීරය වෙනුවට මහත්මා ගාන්ධිගේ ස්මාරකය ඉදිකර ඇති ස්ථානය සමීපයේ කරුණානිධිගේ ස්මාරකය ඉදිකරන ලෙසයි.
සී. එන්. අන්නාදුරෙයිගේ ස්මාරකයට අමතරව අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය පිහිටවු එම්. ජී. රාමචන්ද්‍රන් සහ හිටපු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජේ. ජයලලිතාගේ සමරු ස්මාරකද ඉදිකර ඇත්තේ මරීනා වෙරළ තීරයේයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
