වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ සජීවීව රූපවාහිනියෙන් ජාතිය අමතමින් සිටියදී පසුගියදා එල්ල කරනු ලැබූ ඩ්‍රෝන ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ හිටපු නාගරික පොලිස්‌පති සැල්වටෝරේ ලුචේස් බව හෙළිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව මාදුරෝට එරෙහි විරුද්ධවාදීන් සමඟ එක්‌වී තමා එම ඝාතන සැලසුම මෙහෙයවූ බව සැල්වටෝරේ කොලොම්බියාවේ බොගෝටා නුවරදී පවසා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
මීට වසර කීපයකට පෙර සැන්ඩිජෝ නාගරික පොලිස්‌පති වූ සැල්වටෝරේ විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව ක්‍රියාකිරීම ප්‍රතික්‌ෂේප කිරීම හේතුවෙන් පොලිස් සේවයෙන් නෙරපා දමා ඇති අතර පසුව ඔහු එරට විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන් සමඟ එක්වූ බවද සඳහන්ය.
කෙසේ වුවත් වෙනිසියුලා විරුද්ධ පක්‍ෂය සදහන් කරන්නේ ලුචේස්ව සාමාජිකත්වයෙන් නෙරපා සිටි අයෙක් බවය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 06 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වෙනිසියුලා රජය සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
