අම්බලන්තොට පොලිස් වසමේ අරවනමුල්ල ප්‍රදේශයේ මිරිජ්ජවිල ප්‍රදේශයේ බලපත්‍ර රහිතව පවත්වා ගෙන ගිය ගංජා මිශ්‍ර මදන මෝදක නිෂ්පාදනය කිරීමේ නිෂ්පාදනාගාරයක් වටලා ඇති තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන් කණ්ඩායමක්: මදන මෝදක කිලෝ 270 ග්‍රෑම් 994ක්, ඒ සඳහා යොදා ගන්නා ගංජා, එම ගංජා නිෂ්පාදනය කිරීම සඳහා උපයෝගී කර ගන්නා උපකරණ, සහ යන්ත්‍ර සමග සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් පසුගිය 22වන දා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය වයස අවුරුදු 36, 26, 50ක් වූ සෙවණගල සහ කිරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
මෙම ස්ථානයේ වැටලීම් කරන අවස්ථාවේ දී එම නිෂ්පාදනාගාරය තුල සකස් කරන ලද ගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 100 ග්‍රෑම් 500ක් පැකට් කරන ලද විවිධ බර හා මිල ගණන් යටතේ සකස් කළ මදන මෝදක පැකට් 11,133 ක් ගංජා ග්‍රෑම් 430ක් සකස් කිරීමට යොදා ගන්නා උපකරණ හා යන්ත්‍ර සුත්‍ර තිබී විමර්ශන නිළධාරීන් නඩු භාණ්ඩ ලෙස ලබා ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද ගංජා මිශ්‍ර මදන මෝදකවල වර්තමාන වෙළදපොළ වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්න වන බව ද පොලිසිය පවසයි. එම නිෂ්පාදන දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.
මෙම වැටලීම තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුන දෙහිගමට ලද තොරතුරුකට අනුව ඔහු ගේ අධීක්ෂණය යටතේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. වසන්ත කුමාර ගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයේ ස්ථානාධිපති උ.පො.ප. කසුන් හෙට්ටිආරච්චි, පො.සැ. 2354 ප්‍රගීත්, පො.සැ. 40648 ගමගේ, පො.සැ. 40659 සංජීව, පො.කො. 82633 ලක්මාල්, පො.කො. 87119 අමිල යන නිලධාරීන් විසින් සිදු කරන ලදී.
සැකකරුවන් සහ නඩුභාණ්ඩ අම්බලන්තොට පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර ඊයේ (23) හම්බන්තොට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
