2025/2026 අධ්‍යයන වර්ෂයන්ට අදාළව සිසුන් තෝරා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන මස මුල් සතියේ ප්‍රකාශයට පත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් සඳහන් කරයි.
එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ ප්‍රකාශ කළේ පසුගිය උසස් පෙළ ප්‍රතිඵල මත මෙවර විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් පත් 92,043 යොමු කර ඇති බවයි.
එම අයැදුම්පත්‍ර සලකා බලා මෙවර විශ්වවිද්‍යාලවලට 42,937 දෙනෙකු ඇතුළත් කර ගැනීමට නියමිතයි.
මේ අතර නව උපාධි පාඨමාලා කිහිපයක්ද හදුන්වාදීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
සැප්තැම්බර් මස මුල් සති වලදී විශ්ව විද්‍යාල වල අධ්‍යන කටයුතු ආරම්භ කරනු ඇති බවද මහාචාර්යවරයා පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
