Language Switcher

V2025

අමෙරිකානු උප ජනාධිපති  විෂ සහිත සර්පයෙක් :   නිකොලස් මදුරෝගෙන් චෝදනා !

අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්   විෂ සහිත සර්පයෙකු බව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ විසින් චෝදනා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට අමෙරිකානු උප ජනාධිපතිවරයා විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඒකාධිපතියෙකු ලෙස හඳුන්වමින් අවස්ථා කිහිපයකදීම චෝදනා කීරිමට ප්‍රතිචාර වශයෙන් වෙනිසියුලානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

වෙනිසියුලාවට එරෙහි සම්බාධක දීර්ඝ කරන ලෙස පවසමින් අමෙරිකාව ඉදිරියේ දණ නමා ඇති බවට ද නිකොලස් මදුරෝ යුරෝපා සංගමයට ද චෝදනා කර ඇති බවද  විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.