මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 350 කට අධික ප්‍රමාණයක් ඇත.
බෝවන රෝග නිවාරණය, බෝ නොවන රෝග අවම කිරීම, ළමා හා මාතෘ සෞඛ්‍ය, ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය, සෞඛ්‍ය ප්‍රවර්ධනය, ආහාර හා පෝෂණය, පාසල් සෞඛ්‍ය, සනීපාරක්ෂාව ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරමින් මහජන සෞඛ්‍ය සේවාවේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරන බවත්, දිවයිනෙහි සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඊයේ (11) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යාලයට රැස් වූ අතර එහි දී විශේෂ කරුණු කිහිපයක් ම සාකච්ඡාවට ලක් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමය මේ බව සඳහන් කරන්නේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකිනි.
මතු පළ වන්නේ එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.


