පියුමි හංසමාලිගේ පුතා පරිවාස භාරයට යවයි! උසාවියට ආ පියුමි අඬ අඬා එළියට එයි!

පියුමි හංසමාලිගේ පුතා පරිවාස භාරයට යවයි! උසාවියට ආ පියුමි අඬ අඬා එළියට එයි!

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය  අද (11) නියෝග කළේය.

සැකකරුවන් එදින හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කිරීමට ද නියෝග කෙරිණි.

වැලිකඩ පොලිසිය මගින් සැකකරුවන් හය දෙනා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව එසෙ නියෝග කළේය.

පියුමි හංසමාලිගේ පුත්‍රයාගේ හිතවතෙකු මීට මාස තුනකට පමණ පෙර යතුරුපැදියක නැගී රාජගිරිය ප්‍රදේශයේ යමින් සිටියදී ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවත්, සිද්ධියෙන් පසු එම ස්ථානයට පැමිණි පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පිරිස ත්‍රීරෝද රථ රියදුරුට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වන බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

පහර කෑමට ලක්වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

පහර කෑමට ලක් වූ ත්‍රී රෝද රථ රියදුරා වැලිකඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

වීඩියෝ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න