පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ ජල කාන්දුවකින් කෘති ගණනකට හානි සිදුවී ඇත.
ඒ කෞතුකාගාරයෙන් මිල කළ නොහැකි ප්‍රංශ ඔටුන්න හිමි ආභරණ සොරකම් කර සති කිහිපයකට පසු වීම විශේෂත්වයක්.
කෞතුකාගාරයේ නියෝජ්‍ය පරිපාලක ෆ්‍රැන්සිස් ස්ටයින්බොක් පැවසුවේ කෘති 300-400 අතර ප්‍රමාණයක්, බොහෝ දුරට ජල කාන්දුවෙන් බලපෑමට ලක්ව ඇති බවත් - ගණන් කිරීම සිදුවෙමින් පවතින බවත්ය.
ස්ටයින්බොක් පැවසුවේ "වටිනා පොත් කිසිවකට" මේ තත්වය බලපා නොමැති බවය.
මෙම කාන්දුවට හේතු වූ ගැටලුව වසර ගණනාවක් තිස්සේ දැන සිටි අතර, අලුත්වැඩියා කටයුතු ලබන වසරේ සිදු කිරීමට සැලසුම් කර තිබූ බව ස්ටයින්බොක් පැවසීය.
මූලාශ්‍රය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
