ඉන්දුනීසියාවේ සෙමෙරූ ගිනි කන්ද පුපුරා යයි !
ඉන්දුනීසියාවේ අද (20) රිච්ටර් මාපක 6ක භූ කම්පනයක් සිදුවිය.
එරට සෙරාම් ( Seram ) හි එය සිදුව ඇතැයි, භූ විද්‍යා පිලිබඳ ජර්මානු පර්යේෂණායතනය සඳහන් කරයි. පෘතුවි අභ්‍යන්තරයේ කි.මී. 136 ක ගැඹුරින් එය හටගෙන ඇතැයි ද වාර්තා වේ. ඉන්දුනීසියාවේ සෙමෙරූ (Semeru) ගිනිකන්ද ඊයේ (19) පුපුරා ගියේය. ප්‍රදේශයේ පුද්ගලයින් 900ක් සහ එම කඳු තරඟයේ යෙදී සිටි 170ක් ආරක්ෂාකාරීව ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව බලධාරීහු කියා සිටියහ. ඊයේ දිනය තුළ පමණක් එය දස වතාවක් පුපුරා ගිය බව බලධාරීහු පවසති. ඉහළම තලයේ අවදානමක් ප්‍රකාශයට පත් කර තිබේ. යමහළේ සිට කි.මී.13ක දුරක අළු-දූලි, පාෂාණ කැබලි සහ ලාවා පැතිර පවතී. යමහළ පාමුල, එහි විදාරණ ආවාටයට කි.මී.6.4ක දුරින් වූ වැවක් ආසන්නයේ කඳවුරු බිමක, කඳු තරණය කළ පිරිස රැය පුරා සිරවී සිටි බව වාර්තා වේ. එම සියලු දෙනා ආරක්ෂිතව ඉවත් කර ගැනීමට හැකිව තිබේ. සෙමෙරූ අවසන් වරට විදාරණය වූයේ 2021 වසරේ දෙසැම්බර මස ය. ඉන්, පුද්ගලයින් 51 දෙනකු පමණ ජීවිතක්ෂයට පත් විය. අසල ගම්මාන රැසක් පිපිරීමෙන් හටගත් අළු-දූලි වලින් වැසී ගියේය. මීටර 3,676ක උසින් යුත් සෙමෙරූ ගිනි කන්ද ඉන්දුනීසියාවේ සක්‍රීය යමහල් අතුරින් එකකි. එය පැසිෆික් ගිනි වළල්ලේ පුරුකක් සේ සැලකේ. එය නිරන්තර ගිනි කඳු පිපිරීම් සහ භූ කම්පන සහිත අධි සක්‍රීය කලාපයක් ද වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්) (
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. )
11/20 /2025
මුලාශ්‍ර:
Earthquake of magnitude 6 strikes Seram, Indonesia, GFZ reports