ෆිලිපීනයේ 200,000කට අධික පිරිසක් අද (17) දෙවන දිනටත් රජයේ දූෂණ විරෝධී උද්ඝෝෂණයන්ට එක් වූහ.
ගංවතුර වැලැක්වීමේ ව්‍යාපෘතීන් හි දී සිදු කළැයි චෝදනා එල්ල වන රාජ්‍ය දූෂණ සම්බන්ධයෙන් වග වන ලෙස බල කරමින් විරෝධතා ක්‍රියාත්මකය.
ඉකුත් සිව් වසර තුළ එරට ආර්ථික වර්ධනය "ඉබි ගමනේ" ය. මහජන වැය පස ද, අවමව පවතී.
වත්මන් විරෝධතා හේතුවෙන්, විදෙස් ආයෝජකයින්ගේ, රජය පිලිබඳ විශ්වසනීයත්වය තව දුරටත් බිඳ වැටෙමින් පවතී.
විරෝධතා කරුවන් රැසක්, හෙට (18) දින තෙක් සූදානමින් තාවකාලික කූඩාරම් ද ඉදි කර සිටිති. හෙට, විරෝධතා හි අවසන් දිනයයි.
ඉරිදා (16) ඇරඹි එම මහජන විරෝධතාවන්ට මේ දක්වා, 600,000කට අධික පිරිසක් සහභාගී වී ඇතැයි ද වාර්තා වේ.
මිලියන දෙකකට අධික සාමාජිකත්වයකින් යුත් 1914 දී ඇරඹී යැයි පැවසෙන, ඉග්ලෙස්යා නි ක්‍රිස්ටෝ (Iglesia Ni Cristo) නම් ස්වාධීන කිතුණු ආගමික සංවිධානයක් විසින් එම විරෝධතා සංවිධානය කර තිබේ. එහි සාමාජිකත්වය සාමූහික එකඟතාවය මත ඡන්දය ප්‍රකාශ කරයි.
"යක්ෂයාගේ දුෂ්ට ක්‍රියා හෙළි කරනු," සහ "විනිවිද භාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිණිස එක්වව්" වැනි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අරගලකරුවෝ, දූෂණ විරෝධී රැලියට එක්ව සිටිති.
ඊයේ සහ අද විරෝධතා බොහෝ සාමකාමී මුහුණුවරක් ගත් බව වාර්තා වේ. සියලු දූෂණ චෝදනාවන්ට සත්‍යවාදී, සහ ජනතා හිතෛෂී, විමර්ශනයක් වහා අවශ්‍ය බව ඔවුහු කියා සිටිති. කිසිදු වගකිව යුත්තකුට ඉන් ගැලවීමට ඉඩක් නොතැබිය යුතු බවද, ඔවුහු අවධාරණය කරති.
එළැඹෙන නත්තලට පෙර සියලු වගකිව යුත්තන්ට සිර දඬුවම් පනවන බව ජනපති, කනිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් (Ferdinand Marcos Jr) ඉකුත් බ්‍රහස්පතින්දා (13) පොරොන්දු වීය. එරට ජල විපත් පාලන ව්‍යාපෘතීන්හි අකර්මන්‍යතා රැසක් සිදුවී ඇතැයි, ඒ පිලිබඳ විගණනයකදී අනාවරණය වූ බව, ඔහු පසු ගිය අගෝස්තු මස කියා සිටියේය.
රාජ්‍ය සේවකයින්, ප්‍රධාන පෙළ ඉදිකිරීම් සමාගම්හි විධායක නිලධාරීන් සහ දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් ඒ සම්බන්ධ චෝදනාවන්ට ලක්ව සිටිති. ඔවුන් විසින් ප්‍රමිතියෙන් තොර මිලදී ගැනීම් සහ කිසිදා ක්‍රියාත්මක නොකළ ව්‍යාපෘති සිදු කළ බවට හුවා දක්වමින් "ගසා කෑම්" රැසක් සිදු කර ඇතැයි, අනාවරණය වී තිබේ. එම චෝදනා සම්බන්ධ විමර්ශනයට ජනපතිවරයා විසින් විශේෂ කමිටුවක් ද පත් කෙරිණි.
එම විමර්ශනයන්ට මේ වන විට දින 100 ඉක්මවා ගොස් තිබුණද, "ඇස් පනා පිට" ඇති සාක්ෂි ඉදිරියේ, මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැතැයි, විරෝධතාකරුවෝ කියා සිටිති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
11/17/2025
Thousands in Philippine capital hold second day of anti-graft protests

