රෆා කොරිඩෝව තව දුරටත් වැසේ

රෆා කොරිඩෝව තව දුරටත් වැසේ

ඊජිප්තුව හරහා ගාසා තීරයට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන සහ මගී ප්‍රවාහනය සිදු කෙරෙන ප්‍රධාන  ප්‍රවිෂ්ඨ මාවත වන, රෆා කොරිඩෝව නැවත දැනුම් දෙන තෙක් වසා දැමෙන බව ඊශ්‍රායලය නිවේදනය කරයි.

එය හෙට (20) යළි විවෘත කෙරෙන බවට ඊජිප්තුව දැනුම් දීමත් සමග ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් එම පියවර ගෙන තිබේ.

රෆා කොරිඩෝව විවෘත කෙරෙන්නේ හමාස් සංවිධානය සටන් විරාම ක්‍රියාවලියට අනුගත වන ආකාරය අනුව බව, ඊශ්‍රායලය පවසයි. ගිවිසුම් ප්‍රකාරව, හමාස් භාරයේ පසුවෙමින් සිටියදී මියගිය ඉතිරි සියලු ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ඊශ්‍රායල හමුදාව වෙත භාර දිය යුතු අතර, ගිවිසුමේ අනෙකුත් කොන්දෙසිවලටද එම සංවිධානය වහා එකඟ ව ක්‍රියා කළ යුතු බව, ඊශ්‍රායල අවධාරණය කරයි.

ගාසා වැසියන්ට එරෙහිව හමාස් සංවිධානය විසින් භීෂණකාරී හිංසන රැසක් සිදු කරමින් සිටින බවට විශ්වසීය තොරතුරු ලැබී ඇතැයි ද, එය සටන් විරාමය උල්ලංඝනය කරන්නකැයි ද, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.


(සටහන | Reuters   ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/19/2025


Israel says Rafah crossing to remain closed until further notice

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න