චීනයෙන් අමෙරිකාවට 125%ක තීරු බද්දක්

චීනයෙන් අමෙරිකාවට 125%ක තීරු බද්දක්

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීමට එරෙහිව නැගී සිටීමට තම රට හා එක්වන්නැයි චීන ජනාධිපති ෂී ජින් පිං යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියි.

ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ, තීරු බදු හමුවේ හටගත් යුද්ධයකින් කිසිදු රාජ්‍යයක් ජයග්‍රහණය නොකරන බවයි.

අමෙරිකාවට ආනයනය කෙරෙන චීනයේ ඇතැම් භාණ්ඩ සඳහා මේ වනවිට සියයට 145 ක තීරු බද්දක් පනවා තිබේ.

චීනය ද එරටට ආනයනය කෙරෙන අමෙරිකා භාණ්ඩ සඳහා සියයට 84 ක තීරු බද්දක් මීට පෙර ප්‍රකාශයට පත්කළේය.

නවතම විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, චීනය විසින් අමෙරිකා භාණ්ඩ සඳහා සියයට 125 ක නව තීරු බද්දක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

මෙම නව තීරු බද්ද හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

කෙසේ වුවද චීනය සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට තවමත් අපේක්‍ෂාවෙන් පසුවන බව, අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටි.

එමගින් දෙපාර්ශවය අතර යහපත් එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇති බවට ඔහු විශ්වාසය පළ කරයි.

මේ අතර උත්සන්න වෙමින් පවතින වෙළෙඳ යුද්ධය මධ්‍යයේ ගෝලීය රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න