Language Switcher

V2025

මැලේසියාවේ හිටපු අගමැති : දූෂණ විරෝධි කොමිසම හමුවට

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් අද (22) එරට දූෂණ විරෝධි කොමිසමේ මූලස්ථානයට කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සිය පාලන සමයේදී මැලේසියානු රාජ්‍ය අරමුදලක් වෙතින්  ඩොලර් මිලියන 10. 6 මුදලක් තම පෞද්ගලික ගිණුමට බැර කිරීමට නියෝග කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

හිටපු අගමැති නජීබ් රසාක් පාලන සමය අතිශය දුෂිත වූ බවත්  රාජ්‍ය මුදල් එම සමයේ ඩොලර් බිලියන ගණනක් අවභාවිත කර ඇති බවට හිටපු අගමැතිවරයාට චෝදනා එල්ලවී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
 අසාර්ථක රාජ්‍ය පාලනයකින් පසු පසුගිය 9 වන දා පැවති මැතිවරණයෙන් නජිබ් රසාක් පරාජය වීමට ආසන්නතම හේතුව වූයේ ද ඔහුට එරෙහිව එල්ලවූ බරපතල දුෂණ සහ මුල්‍ය අක්‍රමිකතා චෝදනා ය.