දකුණු ජපාන වෙරළ තීරයට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.9ක් ලෙස සටහන් ව තිබෙයි.
ජපානයේ කුශු දූපතට නැගෙනහිර වෙරළ ආසන්නයේ කිලෝමීටර් 30ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම කම්පනය සිදුවී තිබුණි.
මෙම භූකම්පනය හේතුවෙන් කුශු දූපතට සහ ශිකොකු දූපතට මීටරයක් පමණ උසැති සුනාමි රැලි ඇති වෙතැයි අනුමාන කර කර ඇත.
මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට එරට කාලගුණ විද්‍යා ඒජන්සිය කටයුතු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
