පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 20ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ හි මෙම පිපිරීම් සිදුව ඇති අතර එරට මහ මැතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකුගේ පක්ෂ කාර්යාලයක් අසළ පළමු පිපිරීම සිදුව තිබේ.
ඉන් ආසන්න වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එසේම දෙවන පිපිරීම Qillah Saif Ullah දිස්ත්‍රික්කයේ සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇත.
මෙම පිපිරීම් වලින් තුවාල ලැබූ පිරිස මේ වන විට රෝහල් ගත කර ඇත.
මේ වනතෙක් පිපිරීම් වගකීම කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
