මිය ගියා' යැයි දොස්තර කී බිලිඳාට පණ එයි

මිය ගියා' යැයි දොස්තර කී බිලිඳාට පණ එයි

අලුත උපන් බිළිඳෙකු මිය ගොස් ඇතැයි අත්වැරදීමකින් නිගමනය කළ වෛද්‍යවරුන් දෙදෙනෙකු සේවයෙන් පහ කළ බව ඔවුන් සේවය කළ ඉන්දීය රෝහල පවසයි.

අදාළ බිළිඳා උපත ලබා තිබෙන්නේ ඔහුගේ නිවුන් සොහොයුරා උපතේදීම මිය යාමෙන් පැය කිහිපයකට පසුවය. ඉන් අනතුරුව උපත ලැබූ නිවුන් සොහොයුරා ද මිය ගොස් ඇතැයි මැක්ස් පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන් වැරදි ලෙස නිගමනය කර තිබේ.

අවමංගල්‍ය උත්සවය සඳහා බිළිඳා රැගෙන යන අතරවාරයේ දරුවා ජීවතුන් අතර සිටින බව දෙමාපියන්ට දැකගැනීමට හැකි වී තිබේ.

දරුවා බහාලූ බෑගය සෙලවෙන බව දැක කම්පනයට පත් වූ දෙමාපියන් වහාම දරුවා අසල රෝහලක් වෙත රැගෙන ගිය බව දරුවාගේ මුත්තණුවන් උපුටා දක්වමින් ප්‍රදේශයේ මාධ්‍ය වාර්තාකර තිබිණ. එහිදී දරුවා මිය ගොස් නැති බව දෙමාපියන්ට දැනුම් දී තිබේ.

"අපේ සෞඛ්‍ය සේවය ඉතාම හොඳයි"

ඒ සමගම ඉතා ඉහළ මුදලක් වැය කිරීමට සිදු වන ඉන්දියාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය පිළිබඳව යළිත් වරක් සංවාදයක් මතු වී තිබේ.

ඒ පිළිබඳව වෛද්‍ය විශේෂඥයන් සමග පැවති මූලික සාකච්ඡාවලින් අනතුරුව අදාළ වෛද්‍යවරුන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට පියවර ගන්නා ලද බව මැක්ස් රෝහල පවසයි.

ඉන්දීය වෛද්‍ය සංගමයේ විශේෂඥයන් ඇතුළු බාහිර කණ්ඩායමක් විසින් ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලැබ තිබෙන බව ද එහි සඳහන් වේ.
මේ අතර ඉන්දීය ආණ්ඩුව ද සිදුවීම සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරමින් සිටී.

සිය රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම සම්බන්ධයෙන් මෑත මාසය කිහිපැය තුළ ඉන්දියාවේ පුද්ගලික රෝහලකට චෝදනා එල්ල වූ දෙවෙනි අවස්ථාව මෙය ය. ඩෙංගු රෝගය වැළඳුනු දැරියක වෙනත් රෝහලකදී පසුගිය මාසයේ මිය ගිය නමුත්, සිය දියණියට ප්‍රතිකාර කිරීම පිණිස අති විශාල මුදලක් තමන්ගෙන් අයකර ගත් බව එම දැරියගේ දෙමාපියෝ පැවසූහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න