Language Switcher

V2025

ජනාධිපති සැමියෙක් : ජනාධිපති පුතෙක් ලැබූ "බාබරා" දිවිගමන හැරයයි

හිටපු අමෙරිකානු ජනපති (කානිෂ්ට) ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ මව මෙන්ම 1989 - 1993 අමෙරිකාවේ ජනපති ලෙස කටයුතු කළ ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ බිරිද වූ බාබරා බුෂ් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

1925 ජුනි 08 වනදා උපත ලබා ඇති ඇය මිය යන විට 92 හැවිරිදි වියේ පසු වූවා ය.

කලක් රෝගාතුරව සිට රෝහල් ගතකර සිටි ඇය පසුගියදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එහිදී ඇය වෛද්‍ය ප්‍රතිකාර වෙනුවට පවුලේ ආදරණීයන් සමඟ ප්‍රවේසමෙන් ජීවත්ව සිට අවසන් ගමන් යාම වැදගත් බව සඳහන් කර රෝහලෙන් පිටවී නිවසට පැමිණ ඇත.

බාබරා බුෂ් 1989 සිට 19993 දක්වා කාලයේදී එරට ප්‍රථම කාන්තාව ලෙස සිටි අතර එරට 41 වැනි ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්. බුෂ් ඇගේ ස්වාමිපුරුෂයා වේ.එසේම 46 වැනි ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් ඇගේ පුත්‍රයා විය.සැමියා හා පුත්‍රයා යන දෙදෙනාම ජනාධිපති පදවියක් දැරීමේ භාග්‍යය හිමි වීමද ඇගේ ජීවිතයේ වන සුවිශේෂීම කරුණක් ලෙස සහටහන්ව ඇත.

ඒ අනුව බාබරා බුෂ් ස්වාමිපුරුෂයා සහ පුත්‍රයා යන දෙදෙනාම ජනාධිපති බවට පත්වූ එරට කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු වන අතර ඇයට පෙර එම අවස්ථාව ලබා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ එරට දෙවන ජනාධිපති ජෝන් ඇඩම්ස් ගේ බිරිඳ සහ එරට හයවැනි ජනාධිපති ජෝන් ක්වින්සි ඇඩම්ස් ගේ මවද වූ ඇබිගාලි ඇඩම්ස් ය.

බාබරාට, බුෂ් මුණගැසී ඇත්තේ ඇය 16 වියේදී වන අතර ඒ නත්තල් නිවාඩු සමයකදීය. අනතුරුව ඔවුන් 1945 ජනවාරි 06 විවාහවී ඇති අතර බුෂ් යුවලගේ 73 වැනි විවාහ සංවත්සරය පසුගිය ජනවාරි 6 වැනි දින ට යෙදී තිබිණ.

වැඩිහිටියන්ගේ සාක්‍ෂරතාව නගා සිටුවීම වෙනුවෙන් ක්‍රියා කළ ඇය සමාජ ක්‍රියාකාරිනියක ලෙස විවිධ වැඩසටහන් සිදුකර ඇති නමුත් ප්‍රසිද්ධියට වඩා සිය පවුලේ කටයුතු සොයා බැලීම වෙනුවෙන් දැඩිව කැපවූ ජනාධිපති ආර්යාවක් වූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

C8C2ECD5 1E9F 4AAB 9ADE 1E2DD3F021FA cx6 cy8 cw94 w1023 r1 s

636204266301933575 Bush01