ජපානයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ජපානයේ උතුරු දූපත වන හොකයිඩෝහි නැගෙනහිර කොටසේ අද (පෙබ. 25) රික්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් සිදු වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම භූමිකම්පාව හොකයිඩෝහි නෙමුරෝ අර්ධද්වීපයට ආසන්න මුහුදේ කිලෝමීටර් 61ක් (සැතපුම් 38) ගැඹුරින් සිදු වී ඇති බව ය.
මේ වන තෙක් තුවාල සිදුවීම් හෝ හානි සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බව එම වාර්තාවල දැක්වේ.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ, එරට වේලාවෙන් රාත්‍රී 10:27ට පමණ මෙම භූ කම්පනය සිදු වී ඇති අතර සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ය.
මෙම භූමිකම්පාව ඊසානදිග ජපානය සහ නැගෙනහිර ජපානය ඇතුළු පුළුල් ප්‍රදේශයට දැනී ඇතැයි එම ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
