හමුදාව බූකිනා ෆාසෝ බලය අල්ලගෙන !

හමුදාව බූකිනා ෆාසෝ බලය අල්ලගෙන !

ජනාධිපති රෝච් කබොරේ නෙරපා තමන් බලය අල්ලාගත් බව බූකිනා ෆාසෝ හමුදාව පවසයි.

එරට ජාතික විද්‍යුත් නාලිකා ඔස්සේ නිවේදනයක් නිකුත්කරමින් හමුදා නිලධාරියෙක් ඒ බව පැවසීය.

රට තුළ ආරක්ෂක තත්ත්වය දුර්වලවීම හේතුවෙන් තමන් එම පියවර ගත් බව ඔහු පැවසීය.

විශේෂයෙන් රට තුළ වර්ධනය වෙමින් පවතින ඉස්ලාම් අන්තවාදය පාලනයට ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බව එරට හමුදා නායකයෝ චෝදනා කරති.

ජනාධිපතිවරයා කොහේ සිටීදැයි යන්න හෙළිකර නොමැති අතර හමුදාව පවසන්නේ තම භාරයට ගත් සියලුදෙනා ආරක්ෂාකාරීව සිටින බවය.

- derana

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න