Language Switcher

V2025

අපේ තාරුණ්‍යය තුවක්කුවේ ශාපයෙන් ගලවා ගන්න - ඇමරිකානු සිසුන් වීදි බසියි

ඇමරිකා එක්සත් ජනපදයේ පාසල් සිසුන් එරට තුවක්කු පාලන නීති දැඩි කරන ලෙස ඉල්ලා වීදිබැස ඇත.

March for Our Lives නමින් ඔවුන් සංවිධානය වී සිටින අතර එහි ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ තුවක්කු ප්‍රශ්නය විසදීම සඳහා ඵලදායී පනතක් සම්මත කිරීමට කොංග්‍රසය කටයුතු කල යුතු බවය.

එසේම නීති විරෝධී ආයුධ තහනම් කිරීම, උණ්ඩ ලබාගැනීම සඳහා ප්‍රවේශ සීමා කිරීම, පසුබිම් පරීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, ප්‍රචණ්ඩත්වය පතුරවන සඟරා විකිණීම අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධව නීති සම්පාදකයින්ගේ අවධානය යොමු කරවීමද ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත.

1 2
Marjory Stoneman Douglas High School හී සිසුන් පෙරමුණේ

දහස් ගණනක් පාසල් සිසුන්, ගුරුවරුන් සහ ඔවුන්ට සහය දක්වන පිරිස් මේ සඳහා එකතුව සිටින අතර ඊට මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ ෆ්ලොරීඩාවේ Marjory Stoneman Douglas High School හී ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින්ය. පසුගිය මාසයේ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් සිසු සිසුවියන් 17ක් මියගියේද එම පාසලේය.

1.1
පා ගමන සංවිධානය කරන සිසුන් සඳහන් කර සිටින්නේ ඔවුන්ට එම කටයුත්ත හමුවේ කිසිඳු දේශපාලන හෝ විශේෂ අපේක්ෂා නොමැති බවත් තම එකම අපේක්ෂාව නීති විරෝධී අවි බහුලවීම හමුවේ තර්ජනයට ලක්ව ඇති පාසල් සිසු සිසුවියන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම පමණක් වන බවය.

මෙම සිසු පාගමන සඳහා එක්සත් ජනපදය පුරා විසිර සිටින පාසල් සිසු සිසුවියන් සහය පළකර වීදි බැස ඇත.

002

සිසුන් වොෂින්ටනයට රැස්වෙයි !

#NeverAgain බැනරය යටතේ සිසුන් වොෂින්ටන් අගනුවරට අද (24) රැස්ව මේ ඉල්ලීම ඉදිරිපත් කරන්නට යෙදින. මේ අතර එක්සත් ජනපදයේ, සෑම වසරකම වයස අවුරුදු 17ට අඩු ළමුන් 1300ක් පමණ වෙඩි වැදී මිය යන බව එරට රජය විසින් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය කර ඇත.

එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වළක්වාගැනීම සඳහා පිහිටුවා ඇති මධ්‍යස්ථානය මෙම අධ්‍යයනය සිදුකර ඇති අතර වසරකට එක්සත් ජනපදයේ ළමුන් 5800ක් පමණ ගිනි අවියකින් බරපතළ ලෙස තුවාල ලබන බව ද එම අධ්‍යයනය පෙන්වා දෙයි.

එසේම වෙඩි වැදීමකින් මිය යන ළමුන්ගෙන් 82%ක් පිරිමි ළමුන් වන අතර කළු ජාතික සම්භවයක් සහිත ළමුන් ඊට ගොදුරුවීම වෙනත් ළමුන්ට වඩා දස ගුණයකින් වැඩි බව ද මෙම අධ්‍යයනයෙන් අනාවරණය කර ඇත.

003අපි කළු ජාතිකයන් ගැන කතා කරන්න ඕනෑ

එසේම තමන් ශිෂ්‍යයන් ලෙස සිය සහෝදර කළු ජාතික සිසුන් සම්බන්ධවද අවධානය යොමුකළ යුතු බවත් ඔවුන් බහුතරයක් සිය ජීවිතය ගෙවන්නේ ප්‍රචණ්ඩත්වය හමුවේ බවද එම සිසුන් සඳහන් කර ඇත.

එක්සත් ජනපදය තුල තුවක්කු මිනීමැරුම්වල විෂමතාව පිළිබඳ පර්යේෂණ මගින් පෙන්නුම් කෙරෙන්නේ කළු ළමුන්ට ප්‍රචණ්ඩත්වය විශාල වශයෙන් බලපාන බවය. එහෙයින් සිය සහෝදර කළු ශිෂ්‍යන්ට ආරක්‍ෂිත වටපිටාවක් නිර්මාණය කිරීමද අවශ්‍ය බව සිසුන් සඳහන් කරයි.

එසේම තරුණයන්ට සුරක්ෂිත සමාජ වටපිටාවක් නිර්මාණය කල යුතු බවත් වීදි වලට සහ බන්ධනාගාර වෙත යොමුවන තාරුණ්‍ය යහපත් ජීවිතයක් වෙත යොමුකරවන වැඩපිළිවෙලක් අවශ්‍ය බවද March for Our Lives හී ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු සඳහන් කර ඇත.

ඔවුන් වීදි වලින් බැහැරව හා බන්ධනාගාරයෙන් ඉවත් කළ හැකි රැකියාවන්හි තබා ඇත. මෙම තරුණ තරුණියන් පවසන්නේ යහපත් ජීවන වැටුපක් වීදි ජීවිතයෙන් පිට වී නීතිමය ආර්ථිකයට පිවිසීමට අවශ්ය බවයි. එහෙත් ඔවුන්ටත් ජීවිත පුහුණුකරුවන්, නිවාස, කණ්ඩායම් උපදේශනය සහ බොහෝ අය තරුණ පැටවුන්, දෙමව්පියන්ගේ සහාය ඇත.

004
ඇමරිකානු තරුණයාට තුවක්කු ප්‍රචණ්ඩත්වයට බිය නොවී ජීවත්වීමේ වටපිටාවක් අවශ්‍යයි

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු සඳහන් කර සිටින්නේ, ඇමරිකාවේ සෑම තරුණයකුටම තුවක්කු ප්‍රචණ්ඩත්වයට බිය නොවී ජීවත්වීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කල යුතු බවය. එසේම දරුවන්ට ලෝහ ආවරණ සහිතව පාසල් යාමට හෝ තම සිසුන් රැකගැනීමට ගුරුවරුන්ට අවි දරන්න සිදුවන වටපිටාවක් තමන්ට අනවශ්‍ය බවද ඔහු සඳහන් කර ඇත.

සමාජයේ තරුණ ප්‍රචණ්ඩත්වය හටගැනීමේ මූලයන් පාලනය කිරීමට ජාතියක් ලෙස ඇමරිකාව අසමත්වී ඇති බවත් ඊට සමස්ථ ජාතිය කණගාටු වියයුතු බවද ඔහු සඳහන් කරයි.

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජාතියක් ලෙස කැපවන්නේ කෙසේද යන්න සම්බන්ධව නැවත හැරී බැලීමක් අවශ්‍ය බවත් එහිදී ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් මෙන්ම මානසික සෞඛ්‍ය රැකවරණ කටයුතු, මුලික අධ්‍යාපන වැඩසටහන්, සමාජීය සහ චිත්තවේග වර්ධනය කිරීම වෙනුවෙන් උපකාර, ගැටළු සහිත පවුල් වල දරුවන් ප්‍රචණ්ඩත්වයට යොමුවීම වළක්වාලන උපදේශන වැඩපිළිවෙලක් අවශ්‍යව තිබෙන බවද සිසුන් සඳහන් කර සිටියි.