ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ප්‍රභල  භූ කම්පනයක්

නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆෝරස් මුහුදු කලාපයේ සිදූවූ භූ කම්පනයෙන් මෙරටට බලපෑමක් නැතැයි, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

එහි සභාපති අනුර වල්පොල  පැවසුවේ, එහි වැඩි බලපෑමක් ඔස්ට්‍රේලියාව දෙසට වෙතැයි අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටින බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

නැගෙනහිර ඉන්දුනීසියාවේ සිදු වූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ, මැග්නිටියුඩ් ඒකක 7.3 ක් ලෙසයි.

ඒ සමගම එම ප්‍රදේශය ආශ්‍රිත කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න