කැනඩාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

කැනඩාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් කැනඩාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට එලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවද එම වාර්තාවල සදහන් වෙයි.

ඇද හැලෙමින් ඇති ප්‍රභල වර්ෂාපතනයත් සමග බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ගංගාවල ජල මට්ටම් ඉහල ගොස් ඇති අතර ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව පැවසේ.

කුණාටුවේ බලපෑමෙන් හා ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිස් මුදා ගැනීම සදහා හමුදාව යොදවා ඇතැයි ද  අධිවේගී මාර්ග ද ඇතුලුව මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බැවින් සහන මෙහෙයුම් සදහා බාධා එල්ල වී ඇති බවයි වාර්තාවල සදහන් වෙයි.

මාර්ග ඔස්සේ ළඟාවීමට අපහසු ප්‍රදේශවල ආපදාවට පත්ව සිටින පිරිස්වලට අවශ්‍ය ආහාර ඇතුලු අත්‍යවශය ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු හා කඳුකර ප්‍රදේශවල සිරවී සිටින පිරිස් මුදා ගැනීම ද හෙලිකොප්ටර් යානා මගින් සිදු කෙරෙන බවද වාර්තාවල වැඩිදුරටත් සදහන් වෙයි. 

බොහෝ පිරිසක් නායයාමේ අවදානමට ලක්ව සිටින අතර කදුකර ප්‍රදේශවල සිරවී සිටින සංචාරකයින් මුදා ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මක වන අතර, නායයාම් හේතුවෙන් මේ වනවිටත් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබේ.

ආපදාවලින් සිදුව ඇති ජීවිත අනතුරු පිළිබද පැවසීමට තවමත් කල් වේලා වැඩි බවයි බ්‍රිටිෂ් කොලොම්බියා බලධාරීන් පවසයි.

බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තය මෑත කාලයේ සිට ස්වාභාවික විපත් රැසකට ලක් වෙමින් තිබෙන අතර, අධික උෂ්ණත්වය, ලැව්ගිනි, ජල ගැලීම් හා නායයෑම ඒ අතරින් ප්‍රධානයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න