ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්තයක් වසා දමයි

ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්තයක් වසා දමයි

කොවිඩ් -19 සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්තයක දැඩි සංචරණ සීමා පනවා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ජනගහණයෙන් අඩක් එනම් මිලියන 13කට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අද (21) දින සිඩ්නි නගරයෙන් තවත් ආසාදිතයින් 110ක් හමුවී ඇති අතර ඒ අනුව එම ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 1,300 ඉක්මවා තිබේ.

සංවර්ධිත රටවල් අතුරින් අඩුම වේගයකින් එන්නත්කරණය සිදුකෙරෙන රට වන්නේ ඔස්ට්‍රේලියාව යි.

මෙතෙක් එරට එන්නත් ලබාගෙන ඇත්තේ ජනගහණයෙන් 14%ක් පමණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න