Language Switcher

Ad

Ad 01

V2025

ගාසා සටනට විරාමයක්….

ඊශ්‍රායලය හා පලස්තීන හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබේ.

 එම කාලය කොන්දෙසි විරහිතව ක්‍රියාත්මක විය යුතු බව සටන් විරාමය තහවුරු කරමින් ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය නිවේදනය කළේය.=

පෙරට සාපේක්ෂව මෙවර ගාසා තීරයේ පැවති ගැටුම්වලදී සිය හමුදා හොඳ ප්‍රගතියක් ලබා ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් හමාස් සංවිධානය සටන් විරාමය අර්ථ දක්වා ඇත්තේ පලස්තීනුවන් අත්කර ගත් ජයග්‍රහණයක් හා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පරාජය කිරීමක් ලෙසයි.

සටන් විරාමය දෙපාර්ශවයටම අව්‍යාජ අවස්ථාවක් බව අමෙරිකානු ජනපති ජෝ බයිඩන් පවසයි.

පසුගිය දින කිහිපයේ පමණක් ගාසා තීරයේ හටගත් ගැටුම්වලින් පලස්තීනුවන් 232 දෙනෙකු මියගොස් ඇති අතර ඒ අතරින් 100 දෙනෙකු ම කාන්තාවන් ය.