තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්ත පිටින් Lockdown !

තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්ත පිටින් Lockdown !

කොරෝනා වෛරසය ආසාදනයවූවන් ප්‍රමාණය  ඉහළ යෑම හේතුවෙන්  ඉන්දියාවේ තමිල්නාඩු සහ කර්ණාටක යන ප්‍රාන්ත අද (10) සිට සති දෙකක කාලයක් සඳහා හුදකළා කිරීමට එම ප්‍රාන්ත බලධාරීන් තීන්දුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙහිදී තමිල්නාඩු ප්‍රාන්තය සති දෙකකට හුදකළා  කරන බව ප්‍රාන්තයේ නව මහ ඇමැති එම්.කේ. ස්ටාලින් කල්තියා දැනුම් දී තිබු බවත් ප්‍රාන්ත වැසියන්ට තදබදයකින් තොරව, ආහාර සහ ඖෂධ මිලදී ගැනීමට ඔසුහල් සහ වෙළෙඳසැල් පසුගිය 8,9 යන දෙදින විවෘතව තැබුණු බවත් වාර්තා කර තිබේ.

කර්ණාටක ප්‍රාන්තය මීට පෙරත් ආසාදිතයන්ගේ වර්ධනය සැළකිල්ලට ගෙන හුදකළා කර තිබු අතර  අද (10) සිට යළිත් සති දෙකකට ප්‍රාන්තය හුදකළා කිරීම ප්‍රාන්ත බලධාරීන්ගේ තීන්දුව වී ඇත.

මේ වනවිට ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ඇතුළු කොරෝනා ආසාදිතයන් වැඩියෙන් හමුවන ප්‍රාන්ත හුදකළා කර ඇති අතර නමුත් කොරෝනා පළමු රැල්ල අවස්ථාවේ මෙන් මෙවර සමස්ථ ඉන්දියාවම හුදකළා කිරීමක් තවමත් සිදුව නැත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න