30වන අග්‍රාමාත්‍ය වරයා යටතේ ඉතාලියේ 67වන රජය පිහිටුවයි !

30වන අග්‍රාමාත්‍ය වරයා යටතේ ඉතාලියේ 67වන රජය පිහිටුවයි !

යුරෝපයේ මෙන්ම සම්ස්ථ ලෝකයේම අවධානයට පාත්‍ර වූ හිටපු අගමැති ජ්‍යුසෙප්පේ කොන්තේගේ ඉල්ලා i අස්වීමෙන් අණතුරුව යම් දින කීපයක කඹ ඇදිල්ලෙන් පසුව අද දින මධ්‍යහන දොලහට (12.00 )  මාරියෝ ද්‍රාගී Mario Draghi ප්‍රමුඛ නව රජය විසි තුන්දෙනෙකුගෙන් ( 23 )  සමන්විත අමාත්‍ය මණ්ඩලයකින් අද දිවුරුම් දෙනු ලැබුවා…..එසේ දිවුරුම් දෙනු ලැබුවේ ඉතාලි ජනරජයේ ජනපති සෙර්ජියෝ මතරෙල්ලා Sergio Matterella ඉදිරියේය..

මාරියෝ ද්‍රාගී හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ධාරියකු වන අතර ඔහු යූරෝපීය මහ බැංකුවේ සභාපති ලෙසද කටයුතු කල විශිෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකි…  

1     

ඉතාලි ජනරජයේ එකදහස් නවසීය හතලිස් අටේ ප්‍රථම පාර්ලිමේන්තුවෙන් පසු සාර්ථක රජයන් කීපයක් පැවතුනද ඉන් අනතුරුව දිගින් දිගටම පැවති රජයන් සිය ධූරකාලය මුළුල්ලේ පවත්වාගෙන යාම ඉතා අසීරු කරුණක්ව පවතී…..          

උද්ගත ලෝක වසංගත තත්වය හමුවේ හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යුසෙප්පේ කොන්තේට සහය නොදැක්වූ පක්ෂ නැවත මැතිවරණයකට යෑමට සියලු උත්සාහයන් දැරූවද ජනපති මතරෙල්ලා ගේ දූරදර්ශී නුවණ හා ඔහුට පැවරී ඇති බලතල අනුව ජනපති විසින් නම් කරන ලද දේශපාලණ පක්ෂ සාමාජිකයකු නොවූ මාරියෝ ද්‍රාගී විසින් සියලු පක්ෂ හා සාකච්ඡා කිරීමෙන් අණතුරුව සෑම පක්ෂයකින්ම තෝරාගත් දේශපාලනික පක්ෂ සාමාජිකයන්ගෙන් යුතු රජයක් බිහි කෙරුණි… අග්‍රාමාත්‍ය වරයා ප්‍රමුඛ කැබිනට් හා කැබිනට් නොවන අමාත්‍ය මණ්ඩලය …

අග්‍රාමාත්‍ය මාරියෝ ද්‍රාගී  ලොරෙන්සෝ ගුඑරිනි - ආරක්ෂක අමාත්‍ය - අවුරුදු 54

අන්ද්‍රෙයා ඔර්ලන්දෝ - කම්කරු  අමාත්‍ය - අවුරුදු 52 

ලුයිජි දි මායියෝ - විදේශකටයුතු අමාත්‍ය - අවුරුදු 34

ලුචියානා ලෙමොර්ගේසේ - ස්වදේශ ඇමතිනී - අවුරුදු 67

දනිඑලේ ෆ්‍රන්කො - මුදල් අමාත්‍ය - අවුරුදු 68මර්තා කර්තබියා - අධිකරණ ඇමතිනී- අවුරුදු 57

දාරියෝ ෆ්‍රන්චෙස්කීනි-සංස්කෘතික අමාත්‍ය - අවුරුදු 62

ජියංකාර්ලෝ ජොර්ජෙත්ති - ආර්ථික සංවර්ධන අමාත්‍ය - අවුරුදු 54

රොබැර්තෝ ස්පෙරන්ස - සෞඛ්‍ය අමාත්‍ය - අවුරුදු  42

රොබැර්තෝ චින්ගොලානි - පරිසර ( ececological )  අමාත්‍ය - අවුරුදු  59විත්තෝරියෝ කොලාඕ - තාක්ෂණික අමාත්‍ය - අවුරුදු 60

එන්රිකෝ ජොවන්නි - Infrastructure - අවුරුදු  63

පත්‍රීසියෝ බියන්කි - Istruzione - අවුරුදු 68

ස්තේෆනෝ පතුඅනෙල්ලි - කෘෂිකාර්ම  අමාත්‍ය - අවුරුදු 46

මාසිමෝ ග්‍රවල්ලියා - සංචාරක අමාත්‍ය -  අවුරුදු 52

ෆෙදෙරිකො දි ඉන්කා - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය - අවුරුදු 45

මාරියා ස්තෙල්ලා ජෙල්මිනි - ස්වයං රැකියා අමාත්‍ය - අවුරුදු 47

මාරියා ක්‍රිස්ටිනා මෙස්සා - උසස් අධ්‍යාපන අමාත්‍ය - අවුරුදු 60

රෙනාතො බෘනෙත්තා - pubblica amministrazione - අවුරුදු 70

මාරා කර්පාඤා - දකුණ සහ භෞමික සහජිවන අමාත්‍ය - අවුරුදු 45

එරිකා ස්තෙෆානි - විශේෂ අවශ්‍යතා ( ආබාධිත ප්‍රජාව ) අමාත්‍ය - අවුරුදු 49

එලෙනා බොනෙත්ති - කාන්තා කටයුතු අමාත්‍ය - අවුරුදු 47

ෆබියානා දදෝනෙ - තරුණ දේශපාලණික කටයුතු අමාත්‍ය - අවුරුදු - 37

මෙහි සුවිශේෂීම තත්වය නම් සියලු අමාත්‍යාංශ භාර දේශපාලකයන් ඒ ඒ වවිෂයයන් හී ප්‍රවීණ පිරිස් වීමයි.. එමෙන්ම සාමන්‍ය දිවුරුම් දීමකදි සිදුකරනු ලබන සාම්ප්‍රදායික භෝජන සංග්‍රහ උත්සව අවස්ථා යන බොහෝ අවස්ථා මගහැර K95 මාදිලියේ මුහුණු ආවරණ හා දුරස්ථ භාවය සහිතව ඉතා චාම් ආකාරයෙන් නවරජයේ අග්‍රාමාත්‍ය හා අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ලැබූ අතර හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යුසෙප්පේ කොන්තේ විසින් සීනුව ( il campanella ) සම්ප්‍රදායානුකූලව වත්මන් අගමැති මාරියෝ ද්‍රාගීට ලභා දී සුභ පැතීය.

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි 

මිලානෝඉතාලිය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න