Language Switcher

V2025

කළු ජාතික තරුණයාගේ ඝාතනයෙන් පසුව ඇමරිකාවේ මොකද වෙන්නේ ? : සිරී හීන්පැල්ල ඇමරිකාවේ සිට !

අමෙරිකාවේ මිනියාපොලිස් හිදී(Minneapolis) මැයි 25දා සුදු පොලිස් නිලධාරියෙකු විසින් කලු ජාතික තරුනයෙකු මරා දැමීමේ සිද්ධිය අමෙරිකාවේ ජාතිවාදී කෝලාහලයක තත්ත්වයකට පත් වෙමින් පවතී.     

රටේ ප්‍රධාන නගර රාශියක දැනට  හදිසි තත්ත්වයක් හට ගෙන ඇත.                           

කොරෝනා වසංගතයෙන් මදකට  අස් වැසිල්ලක් ලැබූ මොහොතක  හටගත් මෙම සිද්ධි තුලින් ඊට වැඩි විපතක් අමෙරිකාවට සිදුවේද ?               

කොරේ පිටට මරේ යනුවෙන් මෙය හැදින්ව්‍ ය හැක  .  සුදු කලු යුද්ධයක් දක්වා මෙම සිද්ධිය  දුර දිග යන බව දක්නට ලැබේ .   මින් ඇතමුන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බවද පෙනේ .  

මාස 5 කින් පැවත්වෙන ජනපතිවරණයේදී ට්‍රම්ප් ජනපති පරාජය කිරීමට උත්සාහ කරන   බලවේගයන් මෙම භීෂණකාරී ක්‍රියා වන්ට සම්බන්ධ බව කියනු ලැබේ .පොලිසියට  එරෙහිව  චිකාගෝ,ලොස් අන්ජලීස්, වොෂින්ටන්  අතුලු නගර රාශියක ඇරඹුණු  උද්ඝෝෂණ සහ කැරලි ලොව අගනුවර වශයෙන් හදුන්වන නිව්යෝර්ක් නුවර දක්වාද විහිදී යාම  තුලින් රටේ නීතිය හා සාමය රැක ගැනීම ඉමහත් අසීරු කර්තව්‍යය ක් වී ඇත. කොරෝනා වසංගතයට නො දැමූ ඇඳිරි නීතිය නගර කීපයකම දැන්  පනවා තිබේ .   කලු ජාතිකයන් සමග සුදු ජාතිකයන්ද     කැරලිවලට එක්වී ඇති අයුරුද දුටුවෙමි .            

කිසියම් නීති විරෝධී ක්‍රියාවක නිරත වූ බව කියන කලු ජාතිකයා සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් අත් අඩංගුවට ගත්විට මියගිය වහාම  එම පොලිස් නිලධාරියා බලධාරින් විසින් රිමාන්ඩ් භාරයට ගනු ලැබීය. ඊට කිසිදු ජාතිවාදී පසුබිමක් නොවූ බව බලධාරින්ගේ මතයයි  .             

අමෙරිකාවේ ප්‍රාන්ත 50 තුල පොලිස් බලතල ක්‍රියාත්මක කරන්නේ ඒ ඒ ප්‍රාන්ත වල චන්දයෙන් තේරී පත් වූ ආන්ඩුකාරවරුන් විසිනි.  මෙම ප්‍රාන්තයන්හි පොලිස් බලතල වලට   ඇඟිලි ගැසීමට අමෙරිකාවේ ජනාධිපති වරයාට බලයක් නැත .  තත්ත්වය මෙසේ පවතිද්දී  අමෙරිකාවේ   බහුතර ප්‍රධාන මාධ්‍ය යන් (සී එන් එන් ඇතුළු  )(CNN)මේ සිද්ධිය අනුසාරයෙන්   ට්‍රම්ප් ජනපති පතුරු ගසමින් විවේචනය   කරන්නට පටන් ගෙන තිබේ .

මිනියාපොලිස් සිට කි මී 2000 ,3000 වැනි ඉතා දුර නගර වල ජනතාව  දස දහස් ගනනින් මෙසේ නීතිය    සියතට ගනිමින් පොලිස් වාහන හා ගොඩ නැගිලි වලට ගිනි තබමින් සිදුකරන විනාශය අති මහත්‍ ය.        

ට්‍රම්ප් ජනපති වරයාට අයත් නිව්යෝර්ක් හි ට්‍රම්ප් ටවර් ගොඩ නැගිල්ල  ආරක්ෂා කිරීමට අද විශේෂ පොලිස් බල ඇනියක් යොදවන ලදී.  ධවල මන්දිර ප්‍රකාශයෙකු ප්‍රශ්න කලේ අමෙරිකාවේ නගරයක පොලිස් මිනීමැරුමක්  සිදුවූ විට එය ජනපති වරයා පිට පැටවීම    සාදාරන වන්නේද  යනුවෙනි .  මෙය  අමෙරිකාවේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී  නිදහස ලොව හමුවෙහි    විදහා දක්වන අවස්තාවක් වශයෙන්   අර්ත දැක්විය හැක.                                             

මීට සති කීපයකට පෙර  රටේ කොරෝනා මැඩ පැ වැත්වීමට  අපොහොසත් වූවායයි කියමින් උද්ඝෝෂකයන් මිනී පෙට්ටි කර තබාගෙන ධවල මන්දිරය ඉදිරිපිට නිදහසේ පෙලපාලි ගියහ .    

අද ලෝකය පුරා වැඩියෙන්ම ප්‍රචාරය වන්නේ අමෙරිකාවට විරුද්ධ පුවත්ය.  දස දහස් ගනනින් ජනතාව රතිඤ්ඤා   පත්තු කරමින්ද පොලිස් නිලධාරීන් ට ගල් මුල්වලින් පහර දෙමින්ද  අසභ්‍ය වචනවලින් බැණ වදිමින්ද,දේපොල වලට ගිනි තබමින්ද  තමන්ට ලැබී ඇති නිදහසින් අයුතු ප්‍රයෝජන ලබාගත් නමුත් හැම  නගරයකම පාහේ පොලිස් නිලධාරීන්  ඉතා ඉවසීමෙන් රාජකාරි කල   අයුරු දක්නට ලැබිණි .    

පොලිස් අත් අඩංගුවේදී මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd) අවසාන වරට  කියා ඇත්තේ "මට හුස්ම ගන්න බැ හැ"  (I CANT BREATHE ) යනුවෙනි .                 

මරනය අභිමුඛයෙහි සිට   මරනය පෙනි පෙනී ඔහුගේ මුවින්  පිටවුන එම කියමන උද්ඝෝෂකයන්ගේ  ප්‍රධාන සටන් පාටය බවට  පත්වී තිබේ . 55,000 කට වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් දැනටමත් නිව්යෝර්ක්   නුවර ආරක්ෂාව තකා යොදවා ඇත.   (මෙහි පහත පල කරනු ලබන්නේ   අමෙරිකාවේ හටගත් මෙම හදිසි අවස්තාව පිලිබිඹු කිරීමේ චායාරූප රාශියකි. ඊට මා විසින් ගත් චායාරූප කීපයක් ද ඇතුළත්ය .

 -මාධ්‍යවේදී  සිරී හීන් පැල්ල ඇමරිකාවේ සිට -ෆේස්බුක් ගිනුමෙනි 

විශේෂ ස්තුතිය නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව ට[NYPD]  )