Language Switcher

V2025

කොරෝනා ආවේ කොහෙන්ද ? : ඇමරිකා - චීන වාග් සංග්‍රාමය උණුසුම් වෙයි !

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ (Mike Pompeo)"බොරු කියන බවට" චීන රාජ්‍ය මාධ්‍ය මගින් දැඩි දෝෂාරෝපණයක් එල්ල කෙරෙයි.

 112154726 9ab96e0e bb48 407c b5ce bd764dce9399එම දෝෂාරෝපණය එල්ල කෙරුණේ, කොරෝනාවෛරසය (Covid 19) 'වූහාන්' නගරයේ විද්‍යාගාරයකින් නිකුත් වූ බවට තමාට "සාක්ෂි තොගයක්" ඇති බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් ප්‍රකාශ කරනු ලැබීමෙන් පසුවය.

රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පසුගිය ඉරිදා ඉහත කී ප්‍රකාශය කළත්, ඔහු ඒ සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් කළේ නැත.

මේ අතර චීනයේ 'ග්ලෝබල් ටෛම්ස්' (Global Times) පුවත්පත සිය සිකුරාදා මුද්‍රණය මගින් කියා සිටියේ, රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ "පිරිහුණ" තත්ත්වයක සිටින බවය.

මේ අතර ප්‍රකාශයක් කරන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඇමෙරිකා එක්සත් ජනපදය කරන ප්‍රකාශ 'අනුමාන මට්ටමේ' ඒවා වන බවත්, එම ප්‍රකාශන තහවුරු කෙරෙන ''සුවිශේෂී සාක්ෂි'' නොවන බවත් කියා සිටියේය.

චීන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ කුමක්ද?

චීන රාජ්‍ය මාධ්‍ය ජාලයේ කතුවැකි නිතර ම මෙන් ආණ්ඩුවේ මතය නියෝජනය කරන නමුත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ අදහස් සම්බන්ධයෙන් මෙතෙක් නිල මට්ටමින් ප්‍රතිචාරයක් පළකොට නොමැත.

මයික් පොම්පියෝ "අතාර්කික සහ අනුචිත න්‍යායන් ඉදිරිපත් කරමින් කරුණු විකෘති කරන" බවක් පසුගිය සඳුදා වාර්තා කළ 'ග්ලෝබල් ටෛම්ස්' (Global Times) පුවත්පත ඊළඟ දිනයේ එනම් අඟහරුවාදාත් ඔහු ඉලක්ක කරගත් ප්‍රහාරය දිගට ම ගෙන ගියේය.

"මුසාවාද වැපිරීම මගින් මයික් පොම්පෙඕ එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීමේ ප්‍රයත්නයක නිරත වෙමින් සිටිනවා," ග්ලෝබල් ටෛම්ස් ප්‍රකාශ කළේය.

"මයික් පොම්පොඕගේ පළමු බලාපොරොත්තුව නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් බලයට ගෙන එනු ලැබීම ....... දෙවැන්න, ඔහු සමාජවාදයට වෛර කිරීම. ඔහුට චීනයේ නැගීම දරා ගන්න බැහැ."

කොරෝනාවෛරසය ආරම්භයේ දී චීනය කටයුතු කළ ආකාරයේ ගැටළුවක් ඇති බව 'ග්ලෝබල් ටෛම්ස්' කතුවැකිය පිළිගනියි. එහෙත් ඔවුන් පවසන්නේ "අඩුපාඩු නිවැරැදි කරනු ලැබීම අතින් සමස්ත ක්‍රියාදාමය ඉහළ මට්ටමක පවතින" බවය.

තවදුරටත් අදහස් දක්වන පුවත්පත "වූහාන් හැරුණුවිට වෙනත් ස්ථානවලත් මිනිසුන් 'Covid19' පළමු ආසාදිතයන් අතර සිටි බව අදහස් කළ හැකි," බවත් සඳහන් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ මයික් පොම්පෙඕ ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරනු ලබන එක ම චීන ප්‍රකාශනය 'ග්ලෝබල් ටෛම්ස්' නොවේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශන "පදනම් විරහිත" ඒවා යයි 'පීපල්ස් ඩේලි' (People's Daily) පුවත්පත චෝදනා කරන අතරවාරයේ, චීන CCTV අඩවියක ප්‍රකාශනයක් මගින් කියාසිටියේ, ඇමෙරිකානු දේශපාලනඥයන් ''දුෂ්ට කුමන්ත්‍රණයක'' නිරත වෙන බවකි.

පොම්පෙඕ කියන්නේ මොනවාද?

පසුගිය ඉරිදා ABC මාධ්‍ය ජාලය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් දැක්වූ මයික් පොම්පෙඕ Covid 19 වෛරසය වූහාන් නගරයේ 'වෛරස් විද්‍යා ඇකඩමියෙන් පිට වූ බවට තමාට "අනන්ත සාක්ෂි" පවතින බව සඳහන් කළේය.

 112158580 27f1f416 7f2e 46cb a834 f6d42ea86dd7

"මතක තියාගන්න. ලෝකයට වයිරස් ආසාදනය කිරීම් අතින් චීනයට ලොකු ඉතිහාසයක් තියෙනව. ඒ වගේ ම නියමිත ප්‍රමිතියෙන් තොර විද්‍යාගාර පවත්වා ගෙන යාම අතිනුත් ඔවුන්ට ඉතිහාසයක් තියෙනව," රාජ්‍ය ලේකම්වරයා එම සාකච්ඡාවේදී කියා සිටියේය.

දෙවන වර ජනාධිපතිවරණයට තරග කරන තමා ඉන් පරාජයට පත් කිරීමට බෙයිජිං බලධාරීන් ඔවුන්ට කළ හැකි උපරිමය කරනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා චෝදනා කළේය.

ඔහු එම ප්‍රකාශය කළේ කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයයේ චීන පාලනයට එරෙහි සිය විවේචන තවත් ඉදිරියට ගෙනයමිනි.

'රොයිටර්' පුවත් සේවය සමග සාකච්ඡාවකට එක් වූ ජනාධිපති ට්‍රම්ප්, කොරෝනා වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් චීනය බොහෝ ප්‍රතිවිපාකවලට මුහුණ දී ඇති බවත් සඳහන් කළේය.

චීනය කල් තියා වසංගතය පිළිබඳ ලොව සෙසු රටවල් දැනුවත් කළ යුතුව තිබූ බව ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අදහස් වෙයි.

මයික් පොම්පෙඕ රාජ්‍ය ලේකම් පදවියට පත්වීමට පෙර ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ (CIA) අධ්‍යක්ෂවරයා විය. Covid 19 වෛරසය මිනිසුන් විසින් කරන ලද නිර්මාණයක් හෝ ජාන නවීකරණමය නිර්මාණයක් යයි තමා නොසිතන බවත් ඔහු පවසයි.

'වුහාන්' විද්‍යාගාරය වවුලන්ගේ සිරුරෙහි කොරෝනාවෛරස් පිළිබඳව පර්යේෂණ සිදු කරන ලද බවක් දැනගන්නට ඇත.

එම විද්‍යාගාරයේ සිටි තැනැත්තියක් හෝ ඇයගේ පෙම්වතා මගින් මෙවැනි වෛරසයක් ඉන් පිටතට ගමන් කිරීමට ඉඩ විවර විය හැකි මට්ටමින් එහි "ආරක්ෂක වැඩ පිළිවෙළේ හිදැසක්" පැවතුණා නොවිය හැකිදැයි පසුගිය ජනවාරි මාසයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසනු ලැබිණි.

එහෙත් ජනාධිපති ට්‍රම්ප් එම න්‍යාය තහවුරු කළේ නැත.

"අපි මේ කතන්දරය ගැන තව තවත් තොරතුරුවලට සවන් දෙමින් සිටිනවා."

මේ අතර පසුගිය සතියේ ඇමෙරිකානු ජනාධිපතිවරයා වෙත මෙවැනි ප්‍රශ්නයක් යොමුකරනු ලැබිණි.

 112158582 7c69605c ce06 43bd a919 c5511cc45ff9

"වෛරසය වුහාන් විද්‍යාගාරයෙන් පිට වූ බව ඔප්පු කළ හැකි,ඉතා ඉහළ මට්ටමින් විශ්වාසය තැබිය හැකි සාක්ෂි ඔබ දැක තිබේ ද?''

"ඔව්! මම දැක තිබෙනවා," යන්න ජනාධිපතිවරයාගේ පිළිතුර විය.

එක්සත් ජනපද නිලධාරීන් 2018 ජනවාරි මාසයේ 'වුහාන්' විද්‍යාගාරය අධීක්ෂණය කළ බවත්, එම විද්‍යාඥයන් එහි ආරක්‍ෂාව සම්බන්ධයෙන් මැසිවිලි පළ කරන ලද බවත් 'වොෂිංටන් පෝස්ට්' (Washington Post) පුවත්පත පසුගිය මාසයේ වාර්තා කළේය.

විශේෂඥ මතය කොරෝනාවෛරසයේ ආරම්භය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තමන්ට "සුවිශේෂී තොරතුරු ඇතුළත් සාක්ෂි" ලැබී නොමැති බව ලෝක සෞඛ්‍යය සංවිධානයේ හදිසි ආපදා අංශයේ අධ්‍යක්ෂ මයිකල් රයන් (Michael Ryan) පසුගිය සඳුදා ප්‍රකාශ කළේය.

"අපට පෙනී යන ආකාරයට,මේ කාරණය සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අනුමාන සහගත තත්වයක්," මයිකල් රයන් පවසයි.

Covid 19 වෛරසය "මිනිසුන්ගේ නිර්මාණයක් හෝ ජාන නවීකරණයක් නොවන්නේය" යන අදහස සමඟ තමන් එකඟ වෙන බව ඇමෙරිකානු බුද්ධි අංශ පසුගිය සතියේ ප්‍රකාශ කර තිබිණි.

එහෙත් මෙම වෛරසය ආසාදිත සතුන්ගෙන් බෝවීද? එසේත් නැත්නම්, වුහාන් නගරයේ විද්‍යාගාරයක සිදු වූ හදිසි අනතුරක ප්‍රතිවිපාකයක්ද? යන්න ගැන තමන් විපරමින් සිටින බවත් ඇමෙරිකානු බුද්ධි අංශ පවසයි.

වෛරසයේ ආරම්භය සත්ව මස් වෙළෙඳපොළක් වූ බව බොහෝ කරුණුවලින් පෙනී යන බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් (Scott Morrison) අඟහරුවාදා ප්‍රකාශ කළේය.

කෙසේ වුව ද, වෛරසය විද්‍යාගාරයකින් ආරම්භ වූ බව පැවසෙන න්‍යායත් තමා බැහැර නොකරන බවත් අගමැති ස්කොට් මොරිසන් පවසයි.

"අපට සැබැවින්ම වැදගත් වන්නේ මේ වෛරසයේ ආරම්භය පිළිබඳව විනිවිද පෙනෙන සුළු විධිමත්, ස්වාධීන අධීක්ෂණයක්, එහෙම කළොත්, අපට එමගින් පාඩම් ඉගෙන ගන්න පුළුවන්," ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පෙන්වා දෙයි.

'Covid 19' විද්‍යාගාරයකින් එළියට පැමිණි වෛරසයක් යයි තහවුරු කෙරෙන "සාක්ෂි නොමැති" බව, බටහිර "ඔත්තු අංශයන්හි ආරංචි මාර්ග" මේ අතර, ප්‍රවෘත්ති වැඩ සටහන් කීපයකට ප්‍රකාශ කර තිබිණි.