මේ දිනවල 2026 අන්තර් විශ්වවිද්‍යාල මලල ක්‍රීඩා තරගාවලිය දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එහි පළමු දිනයේ දී පිරිමි මීටර් 800 ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීමට සබරගමුව විශ්වවිද්‍යාලයේ එස්. එච්. එස්. දිල්රංග ක්‍රීඩකයා සමත් විය. එහි දක්ෂතාව ලෙස විනාඩි 1:51.13 ක් සටහන් විය.
මීට පෙර පැවති පැරණි තරග වාර්තාව 1970 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රසාද් පෙරේරා ක්‍රීඩකයා විසින් පිහිටුවා තිබූ අතර එහි දක්ෂතාව ලෙස විනාඩි 1:53.7 ක් විය. 1970 වසරේ දී ප්‍රසාද් පෙරේරා විසින් පිහිටුවන ලද තරග වාර්තාව එවක දී නව ශ්‍රී ලංකා වාර්තාවක් වීම ද විශේෂ සිදුවීමකි.

සමීර මදුසංක හේවාගමගේ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
