Image

විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි.......

විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි.......

අද (19) සහ හෙට (20) අනිද්දා (21) සවස 4.30ත් 8.30ත් අතර කාලය තුළ පැයක් , රට කලාප හතරකට බෙදා විදුලි කළමණාකරණය පියවර ගන්නා බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පවසයි.

එහි ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලූ බවත්, මේ වන විට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙන බවත් සදහන් කරයි.

ඒ අනුව සියලුම කලාප 4කට බෙදා දිනකට පැයක කාලයක් විදුලි කප්පාදුව සවස 4.30 සිට රාත්‍රී 9 දක්වා වූ කාලය තුළ සිදුකිරීමට නියමිතය.

කෙසේ වෙතත්, එක් එක් කාණ්ඩයේ විදුලි සැපයුම විසන්ධි කරන සහ යළි යථා තත්ත්වයට පත් කරන වේලාවන් අදාළ කාල පරාසය තුළ මිනිත්තු 30ක පමණ කාලයක් වෙනස් විය හැකි බවද ජාතික පද්ධති ක‍්‍රියාකරු සමාගම පවසයි.

විදුලි කප්පාදුව සිදුකරන - Group 01ට අදාළ ප්‍රදේශ

අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාලිම්බොඩ, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රාගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුවෙල, වාලච්චේන, වේවැල්වත්ත සහ විමලසුරේන්ද්‍ර

විදුලි කප්පාදුව සිදුකරන - Group 02ට අදාළ ප්‍රදේශ

අම්පාර, අනියාකන්ද, අනුරාධපුර, බදුල්ල, බියගම, බෝලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කටුනායක, කැලණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, නව අනුරාධපුරය, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, පුත්තලම, රත්මලාන, සපුගස්කන්ද, ශ්‍රී ජයවර්ධනපුර, SUB A, C, I, ත්‍රිකුණාමලය, වව්නතිව්, වවුනියාව, වේයන්ගොඩ

විදුලි කප්පාදුව සිදුකරන - Group 03ට අදාළ ප්‍රදේශ

අම්පාර, අනියාකන්ද, අනුරාධපුරය, බදුල්ල, බියගම, බෝලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කැලණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව GIS, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, මොනරාගල, නව අනුරාධපුරය, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, රත්මලාන, සපුගස්කන්ද, ශ්‍රී ජයවර්ධනපුර, SUB C, I, M, N, ත්‍රිකුණාමලය, වවුනතිව්, වවුනියාව, වේයන්ගොඩ

විදුලි කප්පාදුව සිදුකරන - Group 04ට අදාළ ප්‍රදේශ
අම්බලන්ගොඩ, අතුරුගිරිය, බලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රාගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුලවෙල, වාලච්චේන සහ විමලසුරේන්ද්‍ර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න