Image

ඕස්ට්‍රේලියාවේ Yeppoon Running Festival අර්ධ මැරතන් ධාවන තරගයේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ ෂේන් අමරසිංහට

ඕස්ට්‍රේලියාවේ Yeppoon Running Festival අර්ධ මැරතන් ධාවන තරගයේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ ෂේන් අමරසිංහට

පසුගියදා ඕස්ට්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ යෙපුන් නගරයේ පැවති Yeppoon Running Festival තරගාවලියේ දී වයස අවුරුදු 30ට අඩු කාණ්ඩයේ කිලෝමීටර් 21.1 KM ක අර්ධ මැරුතන් ධාවන තරගයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ෂේන් අමරසිංහ සමත් විය.

ඔහු තරගය පැය 01 විනාඩි 22 තත්ත්පර 44 කින් තරගය අවසන් කළ අතර, මෙම තරගාවලිය මීටර් 200 අධික උසක කඳුකර ධාවනයකින් සමන්විත විය. ෂේන් අමරසිංහ සමස්ත තරගයේ පස්වෙනියා ලෙස තරගය නිමා කිරීම ද විශේෂත්වයකි.

754160401 18184931890393158 7358805690833785248 n

මෙම තරගය වාර්ශිකව Yeppon නගරයේදී පැවැත්වෙන අතර, තරගාවලියේ ප්‍රධාන තරග ඉසව් ලෙස 1.6km , 2km, 5km, 10km, Half Marathon, Marathon පවතී. තරගාවලියට ඕස්ට්‍රේලියාවේ සහ අනෙකුත් රටවල ඕනෑම කෙනකුට පුද්ගලිකව සම්බන්ධ විය හැකි ය. මෙවර මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 අධික පිරිසක් සහභාගී වූ අතර, අර්ධ මැරුතන් තරගය සදහා ක්‍රීඩකයන් 400 කට අධික පිරිසක් සහභාගි වූහ. 

 

621591135 920086207241830 7349914018401200102 n

 

 

 

 සමීර මදුසංක හේවා ගමගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න