කැටපත නිර්මාණ හා විචාර කේන්ද්‍රය මගින් සංවිධානය කරනු ලබන 'උල්පතින් අලුත් ගඟක්' සාහිත්‍ය සම්මාන උලෙළ යළි පැවැත්වීමට සූදානම් වන බව ප්‍රවීණ සිනමා විචාරක, සාහිත්‍ය නිර්මාණවේදී ගුණසිරි සිල්වා සිය face book පිටුවෙහි පෝස්ටුවක් පළ කර තිබුණි.
සම්මාන පිළිබඳ ධනාත්මක මෙන් ම ඍණාත්මක සංවාද සාහිත්‍ය ක්ෂේත්රය පුරා රැව්පිළිරැව් දෙන නිමේශයක මෙබඳු විකල්ප සම්මාන උලෙළකින් හෝ සාම්ප්‍රදායික සාහිත්‍ය ඉම්පෙදෙස් අභිභවන සාහිත්‍ය කෘති පාඨක ප්‍රජාවට හඳුන්වා දීමට ගන්නා උත්සාහය අගය කරන අතර ම ගුණසිරි සිල්වා සිය face book පිටුවෙහි පළ කර තිබූ පෝස්ටුව මෙලෙසින් පළ කිරීට අපි අදහස් කළෙමු.
රාජ්‍ය මට්ටමින් මෙන්ම විවිධ ආයතන මට්ටමින් ද මෙරට සාහිත්‍ය සම්මාන උත්සව පැවැත්වෙන අතර බොහෝවිට එම සම්මාන උත්සවල දී නිරන්තරයෙන්ම අගැයීමට සහ සම්මානයට පාත්‍ර වන්නේ ප්‍රවීණයින් ගේ කෘති ය. එම නිසා අලුතින් නිර්මාණකරණයට එළැඹෙන ලේඛක ලේඛිකාවන් ගේ කෘති නිසි ලෙස අගැයිමක් සිදු නොවේ. මේ තත්ත්වය සලකා බලා ප්රවිණ සාහිත්‍යවේදි අනුරසිරි හෙට්ටිගේ ගේ අදහසක් අනුව ඔහු සමග ප්‍රවීණ සාහිත්‍යවේදි තිඹිරියාගම බණ්ඩාර සහ මාගේ දායකත්වයෙන් 2015 වසරේදි "උල්පතින් අලුත් ගඟක්" මැයෙන් සාහිත්‍ය සම්මාන උත්සවයක් පැවැත්වීමට හැකි විය. එම සම්මාන උළෙල ඉතා සාර්ථක අන්දමින් පැවැත්වීමට හැකිවුව ද අප තිදෙනාගේම කාර්ය බහුල ජිවිත නිසා එය අඛණ්ඩව පැවැත්වීමට නොහැකි විය. එදා එම සම්මාන ප්රදානය සංවිධානය කෙරුණේ එවකට මගේ සංස්කාරකාරකත්වයෙන් පවත්වාගෙන ගිය lankalivestar.com වෙඩ් අඩවිය මගිනි. එය මෙවර කැටපත නිර්මාණ හා විචාර කේන්ද්‍රය මගින් පැවැත්වීමට අපි අදහස් කරමු.
ඒ අනුව 2025 වසරේ පළවු ප්‍රශස්තම නවකතාව, කෙටිකතා සංග්‍රහය, කාව්‍ය කෘතිය, යොවුන් සාහිත්‍යය, ළමා කෘතිය, සිනමා ග්‍රන්ථය, ශාස්ත්‍රීය ග්‍රන්ථය සහ කංචුක නිර්මාණය සඳහා සම්මාන පිරිනැමෙයි.
"උල්පතින් අලුත් ගඟක් " සම්මාන උළෙලේ විශේෂත්වය වන්නේ සම්මාන සඳහා සලකා බැලෙන්නේ 2025 වසරේ ඉහත සඳහන් සාහිත්‍යංග ඔස්සේ නිර්මාණකරණයට පිවිසි ඒ ඒ ලේඛක ලේඛිකාවන් ගේ පළමු කෘතිය වීම ය. ඒ අනුව 2025 වසරේ පළවු පළමු නවකතාව, පළමු කෙටිකතා සංග්‍රහය, පළමු කාව්‍ය සංග්‍රහය, පළමු යොවුන් සාහිත්‍ය කෘතිය, පළමු ළමා සාහිත්‍ය කෘතිය, පළමු ශාස්ත්‍රීය ග්‍රන්ථය, පළමු සිනමා සාහිත්‍ය කෘතිය සහ වසරේ ප්‍රශස්තම කංචුක නිර්මාණය සම්මාන ප්රදානය සඳහා සුදුසුකම් ලබයි.
කර්තෘ ප්‍රකාශන ද මෙහි දී සුදුකම් ලබයි.
ප්රවිණ සාහිත්‍යවේදින්, ශාස්ත්රඥයින් සහ විචාරකයින් ගේ සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් මගින් මෙම සම්මාන සදහා කෘති තෝරා ගැනේ.
මේ වසරේ සැප්තැම්බර් මස අවසානයේ දී පැවැත්වෙන සම්මාන ප්රදානය සඳහා කෘති බාර ගැනිම ජුලි 15 දක්වා සිදුකෙරේ. එක් එක් කෘතියක පිටපත් 3 බැගින් ලබා දිය යුතු අතර සමීක්ෂණ ගාස්තු අය නොකෙරේ.
කෘති බාර දීම: අතින් මෙන්ම තැපැලෙන් සහ කුරියර් මගින්ද සිදු කළ හැකි ය.
විමසිම් - 076 5646 900
කැටපත නිර්මාණ හා විචාර කේන්ද්‍රය
7/20 බිම් මහල සුපිරි වෙළදසල
බොරැල්ල
මතු පළ වන්නේ 2015 වසරේ උල්පතින් අලුත් ගඟක් පළමු සම්මාන උළෙලේ සටහන් ය.





newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
