වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ පැහැර ගැනීමට අවශ්‍ය තොරතුරු සපයා ඇත්තේ ඔහුගේ ම ආරක්ෂකයකු හෝ කිහිප දෙනකු යැයි සැකයක් පවතින්නේ බව දේශපාලන විචාරක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක පැවසී ය.
මෙම අදහස් පළ කළේ Lanka Voice you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
නිකොලස් මදුරෝ පැහැර ගත්තේ මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනා යටතේ නම්, වඩාත් බරපතළ අන්දමින් ලොවට මත් ද්‍රව්‍ය ගලා එන්නේ මෙක්සිකෝ දේශ සීමා හරහා යයි ද මොහාන් අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ මොහාන් සමරනායක Lanka Voice you tube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
මෙම විඩියෝව නරඹන ඔබට නිකොලස් මදුරෝ පැහැරගත් සැබෑ හේතුව කුමක් ද යන්න නිගමනයකට පැමිණිමට හැකිවනු ඇත.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

