2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය බංග්ලාදේශය තුළ විකාශනය කිරීම තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු ක්‍රීඩකයෙකු වන මුස්තාෆිසුර් රහ්මාන් IPL තරගාවලියෙන් ඉවත් කිරීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණයට ප්‍රතිචාර ලෙස මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
BCCI ගත් මෙම තීරණය බංග්ලාදේශ ජනතාව අතර දැඩි කනස්සල්ලක් ඇති කර ඇති අතර, මුස්තාෆිසුර් රහ්මාන් IPL තරගාවලියෙන් ඉවත් කිරීමට හේතුවක් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බවද සඳහන් වේ.
මෙම සිදුවීම බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ක්‍රීඩා සබඳතා තුළ නව උණුසුම් තත්ත්වයක් උද්ගත කළ හැකි බව විශ්ලේෂකයන් පෙන්වා දෙති.
මුලාශ්‍රය :

