හිටපු ක්‍රිකට් ක්‍රීඩක අක්ෂු ප්‍රනාන්දු මෙලොව හැර යයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අක්ෂු ප්‍රනාන්දු මෙලොව හැර යයි

2010 වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ අක්ෂු ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ.

2018 දෙසැම්බර් මස 28 වැනිදා ගල්කිස්ස ප්‍රදේශයේ දුම්රිය හරස්මගකදී අවාසනාවන්ත අනතුරකට මුහුණ දෙන විට අක්ෂු පළමු පෙළ ක්‍රිකට් පිටියේ සක්‍රීය ක්‍රීඩකයෙක් ලෙස කැපී පෙණුනි. ඔහු අනතුරට මුහුණ දෙන්නේද කණ්ඩායමේ සඟයන් සමග වෙරල තීරයේ දිවීමට ගොස් නැවත පැමිණෙන අතරතුරයි.

අනතුරෙන් පසු ඔහු කෝමා තත්ත්වයට පත් වූ අතර නැවත කිසි දිනෙක ක්‍රිකට් පිටියේ දකින්නට ලැබුණේද නැත.

2010 වන විට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන තරුවක් වූ ඔහු භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක, කිත්රුවන් විතානගේ වැනි පසු කාලීනව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් සමගද ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි.

අවාසනාවන්ත අනතුරෙන් වසර 7 කට පසුව අක්ෂු ප්‍රනාන්දු අද (30) මෙලොව හැර ගිය අතර මියයන විට ඔහුගේ වයස සටහන් වූයේ අවුරුදු 34 ක් ලෙසිනි.

අක්ෂු ප්‍රනාන්දු, කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් ක්‍රිකට් ක්ෂේත්‍රයට අවතීර්ණ වූ දීප්තිමත් ක්‍රිකට් අනාගතයකට හිමිකම් කීමට සිටි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න