ශ්‍රී ලංකාවේ ඉදිවෙමින් පවතින අති සුඛෝපභෝගී තරු 7 හෝටල් ව්‍යාපෘතියක් වන Aviyana Ceylon, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ එක්ව 2026 ජනවාරි 11 දින පැවැත්වීමට නියමිත Eagles’ Monsoon Cup ගොල්ෆ් තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සම්බන්ධ විය.
Aviyana Ceylon හි සභාපති ආචාර්ය තිසර හේවාවසම්ගේ උපදෙස් පරිදි, මෙම ජාත්‍යන්තර මට්ටමේ ගොල්ෆ් තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා රුපියල් මිලියන 2.5ක මූල්‍ය අනුග්‍රහය ලබා දීමට කටයුතු කර ඇත.
ඒ අනුව පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවති සංකේතාත්මක චෙක්පත් භාරදීමේ උත්සවයකදී, එම අනුග්‍රහක මුදල Aviyana Ceylon හි සභාපති ආචාර්ය තිසර හේවාවසම් විසින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
මෙම අවස්ථාවට,Eagles’ Golf Links හි සභාපති ගුවන් හමුදා කොමොඩෝර් එරන්දික ගුණවර්ධන, ගුවන් හමුදා ක්‍රීඩා සභාවේ ලේකම් හා මාධ්‍ය අධ්‍යක්ෂ ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ, Eagles’ Golf Links ලේකම් ගෘප් කැප්ටන් අසංක රත්නායක, ගුවන් හමුදා ගොල්ෆ් ලේකම් වින්ග් කොමාන්ඩර් RASTA ප්‍රනාන්දු, Aviyana Ceylon නියෝජිතයින් සහ අනෙකුත් ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ.
(සටහන | ජේ.මුණසිංහ)

