Image

චීන ජාතිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කළැයි සැක තවත් චීන ජාතිකයන් දෙදෙනනු ලබන 20 දක්වා රිමාන්ඩ්

චීන ජාතිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කළැයි සැක තවත් චීන ජාතිකයන් දෙදෙනනු ලබන 20 දක්වා රිමාන්ඩ්

කොළඹ වරාය නගරය (Port City) ආසන්නයේ දී චීන ජාතිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ චීන ජාතිකයන් දෙදෙනා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඖෂධ මිගාර මහත නියෝග කරයි.

ඒ, අද කොළඹ අපරාධ කොට්ටාසය විසින් හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා අධිකරණය ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය.

පැහැරගෙන ඇත්තේ ගාලුමුවදොර දී

එහි දී කොළඹ අපරාධ කොට්ඨාස සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවයි. හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවේ දි සාක්ෂිකරුවන් විසින් හඳුනා ගන්නා ලදහ.

සැකකරුවන් දෙදෙනා විසින් ඝාතනය කරන ලද බවට සැකකෙරෙන අදාළ වින්දිතයා ගේ මළසිරුර ඊයේ ඉකුත් ජුලි (23) ඇහැලියගොඩ, කරඳන ප්‍රදේශයේ ලඳුකැලෑවක සඟවා තිබිය දී සොයාගෙන ඇත.

චීන ජාතිකයන් තිදෙනෙකු අලුයම් කාලයේ දී මසුන් ඇල්ලීම සඳහා කැබ් රථයකින් කොළඹ වරාය නගරය ප්‍රදේශයට පැමිණ ඇත. එහි දී වෙනත් රථ දෙකකින් පැමිණි තවත් චීන ජාතිකයන් පිරිසක් මොවුන්ට පහරදී, එක් අයෙකු පැහැරගෙන පලා ගොස් ඇත. සැකකරුවන් ඔවුන් පැමිණි වෑන් රථයක් අතහැර දමා ගොස් තිබූ අතර, පසුව එම රථයේ තිබී වායු පිස්තෝලයක් (Air gun) ද පොලිසිය භාරයට ගෙන ඇත.

මළ සිරුර හමුවන්නේ ඇහැලියගොඩ, කරඳන ප්‍රදේශයේ දී

නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා කරඳන, ගෙට්ටුකඩ ප්‍රදේශයට ගොස් සිටි ඇහැලියගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසකට අසල වූ කැලෑවක සැකකටයුතු ලෙස ගොඩගසා තිබූ ගල් ගොඩක් දැකගැනීමට ලැබී ඇත. ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේ දී මිනිස් අතක කොටසක් ලෙස පෙනෙන යමක් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත. පසුව සිදුකළ වැඩිදුර පරීක්ෂණවල දී එම සිරුරු කොටස් චීන ජාතිකයෙකු ගේ බවත්, ඔහු කොළඹ වරාය නගරයෙන් පැහැරගනු ලැබූ පුද්ගලයා බවත් තහවුරු විය.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මළසිරුර අවිස්සාවේල්ල රෝහල වෙත ගෙන ගොස් ඇත.

මළසිරුර සොයාගත් ස්ථානය ආසන්නයේ තිබී මෝටර් රථයක් ද පොලිසිය භාරයට ගෙන ඇති අතර, ඝාතකයින් වින්දිතයා ගේ සිරුර ප්‍රවාහනය කිරීම සඳහා එම රථය භාවිතා කර ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකාර චීන ජාතිකයන් දෙදෙනා රටින් පලා යෑමට උත්සාහ කරමින් සිටිය දී කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන පැය 48 රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න